عَنِ ‌ابْنِ عَبَّاسٍ رَضِيَ اللهُ عَنْهُمَا قَالَ:
أُنْزِلَ عَلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ ابْنُ أَرْبَعِينَ، فَمَكَثَ بِمَكَّةَ ثَلَاثَ عَشْرَةَ سَنَةً، ثُمَّ أُمِرَ بِالْهِجْرَةِ، فَهَاجَرَ إِلَى الْمَدِينَةِ، فَمَكَثَ بِهَا عَشْرَ سِنِينَ، ثُمَّ تُوُفِّيَ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 3851]
المزيــد ...

ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී:
"අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වයස අවුරුදු හතළිහේ දී එතුමාණන් වෙත දිව්‍ය පණිවිඩ පහළ කරනු ලැබීය. එතුමාණන් මක්කාවේ වසර දහ තුනක් රැඳී සිටි අතර පසුව ඉන් නික්ම යන්නට නියෝග කරනු ලැබීය. එසේ එතුමාණෝ මදීනාවට නික්ම ගොස් එහි වසර දහයක් රැඳී සිට, පසුව මරණයට පත් වූහ."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 3851]

විවරණය

ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා මෙසේ දැනුම් දෙයි: "සැබැවින්ම දිව්‍ය පණිවිඩ අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පහළ කරන ලද්දේ හා එතුමාණන් දේව දූතයකු සේ එවන ලද්දේ එතුමාණන්ගේ වයස අවුරුදු හතළිහේදීය. එතුමාණන්ට දිව්‍ය පණිවිඩ ලැබුවායින් පසු වසර දහතුනක් මක්කාවේ රැදී සිටි අතර පසුව මදීනාවට හිජ්රා - නික්ම- යෑමට නියෝග කරනු ලැබූහ. එහි වසර දහයක් පදිංචි වූ එතුමා පසුව එතුමාණන්ගේ වයස අවුරුදු හැට තුනේදී මරණයට පත් වූහ.

හදීසයේ හරය

  1. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ චරිතාපදානය ගැන සහාබාවරුන් දැක්වූ වැදගත්කම.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (65)
අමතර