عَنِ ‌ابْنِ عَبَّاسٍ رَضِيَ اللهُ عَنْهُمَا قَالَ:
كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَليهِ وَسَلَّمَ لا يَعْرِفُ فَصْلَ السُّورةِ حَتَّى تَنْزِلَ عَليْهِ {بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ}.

[صحيح] - [رواه أبو داود] - [سنن أبي داود: 788]
المزيــد ...

ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත "බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්" යන පාඨය පහළ වන තෙක් සූරාව වෙන්කර හඳුනා ගත නොහැකි විය."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත] - [سنن أبي داود - 788]

විවරණය

සැබැවින්ම අල් කුර්ආනයේ සූරාවන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පහළ වෙමින් පැවතිණි. නමුත් එහි වෙන් කිරීම හා එහි අවසානය එතුමාණන් වෙත "බිස්මිල්ලාහි-ර් රහ්මානි-ර් රහීම්" යන පාඨය පහළ වන තෙක් දැන ගත්තේ නැත. පසුව පෙර සූරාව අවසන් වී නව සූරාවක් ආරම්භ වී ඇතැයි එතුමාණන් දැන ගනී.

හදීසයේ හරය

  1. "බිස්මිල්ලාහ්" යන පදය සූරාවන් අතර වෙන් කරයි. නමුත් සූරා අල්-අන්ෆාල් හා සූරා අත්-තව්බා අතර හැර.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (65)
අමතර