عن أبي هريرة رضي الله عنه مرفوعاً: «كل أمتي يدخلون الجنة إلا من أَبَى». قيل: ومَنْ يَأْبَى يا رسول الله؟ قال: «من أطاعني دخل الجنة، ومن عصاني فقد أَبَى».
[صحيح] - [رواه البخاري]
المزيــد ...
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. ‘මා හෙළා දැමූ අය හැර මාගේ සෙසු සමූහයා සියල්ලෝම ස්වර්ගයට පිවිසෙති.’ ‘අල්ලාහ්ගේ දූතයාණනි! හෙළා දකින්නන් කවුරුන්දැ?’යි විමසා සිටින ලදී. එතුමා: කවරෙකු මට අවනත වූයේ ද ඔහු ස්වර්ගයට පිවිසුණේය. කවුරුන් මට පිටුපෑවේ ද ඔහු හෙළා දුටුවේය.’
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා තම සමූහයාට දුන් සුභාරංචිය පිළිබඳව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ දන්වා සිටියි. ‘මාගේ සමූහයා සියල්ලෝම ස්වර්ගයට පිවිසෙති.’ එනම් එතුමාට පිළිතුරු දෙන සමූහයා වෙති. පසුව ‘හෙළා දුටු අය හැර’ යනුවෙන් පවසා සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා ඇතැමුන් ව්යතිරේක බවට පත් කළේය. එනම් ඔවුන් අතරින් ස්වර්ගයට පිවිසීමට හේතුවක් වන අවනතභාවය අතහැර දැමීමෙන් පිටුපාන්නන් වෙති. යම් කරුණකට හේතුවක් වූ යමක් අත්හරින්නා ඒ හැර වෙනත් දෙයක් නොලබයි. එවිට සැබැවින්ම ඔහු ප්රතික්ෂේප කළේය. එනම් වැළකී සිටියේය. එසේ ඔවුන් ව්යතිරේකයක් බවට පත් කළේ ඔවුනට ලබා දෙන දැඩි අවවාදයක් ලෙසිනි. එසේ නොමැති නම් ප්රචාරය කරනු ලබන සමූහයා අදහස් කරන්නේ නම්: එනම්, එය පිළිගැනීමෙන් වැළැකී සිටිමින් ප්රතික්ෂේප භාවය හේතුවෙන් හෙළා දකින්නාය. පසුව ගෞරවනීය සහාභාවරු ‘අල්ලාහ්ගේ දූතයාණනි, එසේ හෙළා දකින්නේ කවුරුන්දැ’යි විමසා සිටියෝය. සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා ඔවුනට පිළිතුරු දෙමින් ‘කවරෙකු මට අවනත වන්නේ ද ඔවුන් යැයි ප්රකාශ කළහ. එනම් මට යටත් වී මා කවර කරුණක් ගෙන ආවේද එයට සවන් දුන් අය වෙති. “ඔහු ස්වර්ගයට පිවිසුණේය” තහවුරු කිරීමකින් තොරව හෝ තහනම් කරන ලද ක්රියාවක් සිදු කිරීමෙන් හෝ ‘කවරෙකු මට පිටුපෑවේ ද සැබැවින්ම ඔහු හෙළා දුටුවේය.” එනම් ඔහුගේ පිටුපෑම හේතුවෙන් නපුරු පෙරළීමක් ඔහුට හිමි වන්නේය. එහෙයින් කවරෙකු හෙළා දුටුවේ ද ඔහු දේව ප්රතික්ෂේපකයකු වූයේ නම් ඔහු මූලික වශයෙන් ස්වර්ගයට නොපිවිසෙනු ඇත. නමුත් ඔහු මුස්ලිම්වරයකු නම් නිරා ගින්නෙන් ඔහු පිරිසිදු වන තුරු ස්වර්ගයට නොපිවිසෙනු ඇත. පසුව ඔහුට සමාව ලැබෙයි. ඇතැම් විට ඔහු සියලු පාපයන් සිදු කර තිබුණ ද මූලික වශයෙන් ඔහු දඬුවම් කරනු නොලබයි.