عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه عَنْ رَسُولِ اللهِ صلى الله عليه وسلم أنه قال:
«وَالَّذِي نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ لَا يَسْمَعُ بِي أَحَدٌ مِنْ هَذِهِ الْأُمَّةِ يَهُودِيٌّ وَلَا نَصْرَانِيٌّ، ثُمَّ يَمُوتُ وَلَمْ يُؤْمِنْ بِالَّذِي أُرْسِلْتُ بِهِ إِلَّا كَانَ مِنْ أَصْحَابِ النَّارِ».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 153]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"මුහම්මද්ගේ ජීවිතය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරමින්, යුදෙව් හෝ කිතුනු ප්‍රජාව අතරින් කිසිවෙකු හෝ මා ගැන අසා, නමුත් මා කවර කරුණක් සමග එවනු ලැබුවේ ද ඒ ගැන විශ්වාසය සහතික නොකර (එම තත්වයෙන්ම) මිය ගියේ ද ඔහු අපායේ පුද්ගලයින් අතරින් කෙනෙකු විය."
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم - 153]
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අල්ලාහ් මත දිවුරමින්, සැබැවින්ම මෙම සමාජය තුළ යුදෙව් හෝ කිතුනු හෝ වෙනත් කිසිදු ප්‍රජාවකින් කිසිවෙකු හෝ තමන් ගැන ගැන සවන් දී, නබි තුමාණන්ගේ ඇරයුම ඔහු වෙත ළඟා වී, පසුව ඒ ගැන විශ්වාස නොකරම මිය ගියේ ද ඔහු අපායේ පුද්ගලයින් අතරින් කෙනෙකු වූ බවත් ඔහු එහි සදාතනිකව පසුවන බවත් පවසා සිටියහ.