عن ثوبان - رضي الله عنه- مولى رسول الله صلى الله عليه وسلم قَالَ: قَالَ رسولُ اللَّه -صَلّى اللهُ عَلَيْهِ وسَلَّم-: «َأفضل دينار ينُفِقُهُ الرجل: دينار ينفقه على عياله، ودينار ينفقه على دَابَّتِهِ في سبيل الله، ودينار ينفقه على أصحابه في سبيل الله».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව සව්බාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“මිනිසා වියදම් කරන දීනාර් අතරින් වඩාත් උතුම් වනුයේ තම පවුල වෙත වියදම් කරන දීනාරය; අල්ලාහ්ගේ මාර්ගයේ ගමන් කරන සත්වයින් (වාහන) වෙනුවෙන් වියදම් කරන දීනාරය හා අල්ලාහ්ගේ මාර්ගයේ කටයුතු කරන පුද්ගලයින් වෙත වියදම් කරන දීනාරයයි.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

යහපත් මාර්ගයන්හි මිනිසා වියදම් කරන ධනය අතරින් වඩාත් උතුම් වනුයේ තම පවුල වෙනුවෙන් වියදම් කරන ධනය. ඔවුන් සියලු දෙනාම තමන්ගෙන් යැපෙන්නෝ වෙති. එනම් පුතා, දුව, බිරිද, සේවකයා වැනි අයගේ ජීවන වියදම ඔහු භාර ගෙන ඇත. තවද සත්යය වෙනුවෙන් අරගල කිරීම වැනි අල්ලාහ්ට අවනත කටයුතුවලදී තමන්ව උසලාගෙන යන සත්වයින් සඳහා වියදම් කරන ධනය. තවද අල්ලාහ්ට අවනත වීමේ කටයුතුවලදී ක්රියා කරන ඔහුගේ සගයින් සඳහා වියදම් කරන ධනය යනාදිය වේ. අවසානයේ සඳහන් වන අල්ලාහ්ගේ මාර්ගයේ යනුවෙන් අදහස් කරනුයේ සත්යය වෙනුවෙන් අරගල කිරීමය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු කුර්දි පෘතුගීසි ස්වාහිලි الدرية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර