නබි වදන් ලැයිස්තුව

වැන්දඹුවන් සහ දුප්පතුන් හට උපකාර කිරීම සඳහා කැප වන තැනැත්තා, අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරන්නා හා සමාන වේ. එසේ නැතහොත් රාත්‍රියේ නැමදුමෙහි නිරත ව, දහවල් කාලයේ උපාවසයේ නිරත වන තැනැත්තා හා සමාන වේ
عربي الإنجليزية الأوردية
පුද්ගලයකු වියදම් කරන විශිෂ්ටතම දීනාරය නම්, තම පවුලේ අය වෙනුවෙන් වියදම් කරන දීනාරය, අල්ලාහ්ගේ මාර්ගයේ සිටින තම ප්‍රවාහනික සත්වයා වෙනුවෙන් මිනිසා වියදම් කරන දීනාරය හා අල්ලාහ්ගේ මාර්ගයේ සිටින තම සගයින් වෙනුවෙන් වියදම් කරන දීනාරයයි
عربي الإنجليزية الأوردية
“නුඹලා දේවත්වය විශ්වාස කරන තුරු ස්වර්ගයට පිවිසෙන්නේ නැත. එමෙන්ම නුඹලා එකිනෙකා අතර ආදරය සෙනෙහස ඇතිවන තුරු නුඹලා දේවත්වය විශ්වාස කරන්නේ නැත. නුඹලා සිදු කළ විට නුඹලා අතර සෙනෙහස ඇතිකරවන කරුණක් මා නුඹලාට කියා දිය යුතු නොවේ ද? නුඹලා අතර සලාමය පතුරුවා හරින්න.”
عربي الإنجليزية الأوردية
ක්‍රියාවන් හයකි. මිනිසුන් සිව් දෙනෙකි. එසේ නම්, අනිවාර්යය කරන කරුණු දෙක, සමානයට සමානය, යහපතට ඒ හා සමාන දස ගුණය හා යහපතට හත්සීය ගුණය වේ
عربي الإنجليزية الأوردية
කවරෙකු එක පහරින් හූනකු මරා දමන්නේ ද ඔහුට කුසල් සියයක් හිමිවනු ඇත. දෙවන වතාවේදී ඊට අඩුය. තුන්වන වතාවේදී ඊටත් වඩා අඩුය.
عربي الإنجليزية الأوردية
දරුවන් තිදෙනෙකු සතු මුස්ලිම්වරුන් අතුරින් කෙනෙකු මිය ගියේ නම් නිරා ගින්න ඔහුව ස්පර්ශ නොකරනු ඇත. එම කොටස (ඔහුට) අනුමත කර දීමෙන් මිස.
عربي الإنجليزية الأوردية
මුස්ලිම් -හෝ මුඃමින්- ගැත්තා වුළූ ධෝවනය කරන විට, ඔහුගේ මුහුණ සෝදා හැරියේ නම් ඔහු තම ඇස් දෙකින් දුටු සෑම වරදක්ම එම ජලය සමග -හෝ ජලයේ අවසන් බිංදුව සමග- ඔහුගේ මුහුණින් පහව යනු ඇත
عربي الإنجليزية الأوردية