عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«لَا تَدْخُلُونَ الْجَنَّةَ حَتَّى تُؤْمِنُوا، وَلَا تُؤْمِنُوا حَتَّى تَحَابُّوا، أَوَلَا أَدُلُّكُمْ عَلَى شَيْءٍ إِذَا فَعَلْتُمُوهُ تَحَابَبْتُمْ؟ أَفْشُوا السَّلَامَ بَيْنَكُمْ».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 54]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
“නුඹලා දේවත්වය විශ්වාස කරන තුරු ස්වර්ගයට පිවිසෙන්නේ නැත. එමෙන්ම නුඹලා එකිනෙකා අතර ආදරය සෙනෙහස ඇතිවන තුරු නුඹලා දේවත්වය විශ්වාස කරන්නේ නැත. නුඹලා සිදු කළ විට නුඹලා අතර සෙනෙහස ඇතිකරවන කරුණක් මා නුඹලාට කියා දිය යුතු නොවේ ද? නුඹලා අතර සලාමය පතුරුවා හරින්න.”
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم - 54]
දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන් හැර වෙනත් කිසිවකු ස්වර්ගයට ඇතුලු වන්නේ නැති බවත් ඔවුන් එකිනෙකා අතර ආදරය දක්වන තෙක් මුස්ලිම් සමාජ තත්ත්වයන් විධිමත් නොවන බවත් විශ්වාසය ඇති කර නොගන්නා බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. පසුව, ආදරය ආවරණය කරන උතුම් කටයුත්තක් වෙත නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මඟ පෙන්වූහ. එනම් මුස්ලිම්වරුන් අතර සලාමය පතුරුවාලීමය. එය අල්ලාහ් තම ගැත්තන් හට, සුබවාදයක් හා පඬුරක් බවට පත් කර ඇත.