عن عائشة رضي الله عنها قالت: قال رسول الله صلى الله عليه وسلم : «أَبْغَضُ الرِّجَالِ إِلى اللهِ الأَلَدُّ الخَصِمُ».
[صحيح] - [متفق عليه]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. "c2">“මිනිසුන් අතරින් අල්ලාහ් වෙත වඩාත් කෝපයට ලක් වු තැනැත්තා අධික ලෙස වාද කරන තැනැත්තාය.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

සැබැවින්ම උත්තරීතර අල්ලාහ් අධික ලෙස වාද කරන, සත්යයට යටත්වීම පිළිගනු නොලබන වාදයන්හි නිතර ගැලී සිටින්නන් සමග කෝප වන්නේය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. සැබැවින්ම අල්ලාහ් අධික ලෙස වාද විවාදවල නිතර වන පුද්ගලයින් කෙරෙහි කෝප වන්නේය.
  2. නීති තර්කවල මූලාශ්රයන් හා ආගමික පිළිවෙත් ගැන වාද කරන්නන්ගේ මාර්ගයෙන් යම් අපරාධකයකට ලක් වූ තැනැත්තකුව සිට සත්යය වෙනුවෙන් තර්ක කරන්නා වනාහි. ඒ ගැන ඔහුට වරදක් නැත. එය හෙළා දකින ලද තර්ක විතර්ක යන පාඩම යටතට ඇතුළත් වන්නේ නැත.
  3. පුද්ගලයකු තර්ක කරන විට එහි සත්යය භාවය නිරූපණය කරන සාක්ෂි හා සාධක ඔහු සතුව තිබීම අත්යවශ්ය වේ. ඔහු තර්කයේ එල්බගෙන දැඩිව නොසිටිය යුතුය.
  4. “මිනිසුන් අතරින් වඩාත් කෝපයට ලක් වු තැනැත්තා” යන ප්රකාශයේ අතිශයෝක්ති බවක් පෙන්වා ඇත. එම නීතිය තුළට පිරිමියා මෙන් කාන්තාවද ඇතුළත් වන්නේය.
  5. සැබැවින්ම වෙනත් කෙනෙකු අබිබවා ඔහු සමග වාද කරන්නා, එය සත්යය වෙනුවෙන් නම්, එය යුතුකමක් වන්නේය. අදාළ පුද්ගලයා කෝපයට ලක් නොවන අතර අල්ලාහ්ගේ ආදරයට ලක් වනු ඇත.
  6. කෝපය නම් ගුණාංගය අල්ලාහ්ට ගැළපෙන පරිදි ඔහු සතුව පවතින බව තහවුරු කිරීම.
අමතර