عن سَمُرة بن جُنْدَب رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : «أحب الكلام إلى الله أربع لا يَضُرُّك بِأَيِّهِنَّ بدأت: سُبْحَانَ الله، والحمد لله، ولا إله إلا الله، والله أكبر».
[صحيح] - [رواه مسلم]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව සමුරා බින් ජුන්දබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “අල්ලාහ් වෙත වඩාත් ප්රිය මනාප වදන් හතරකි. ඒවායින් කවර දෙයක් ගෙන ආරම්භ කළ ද ඔබට කිසිදු හානියක් සිදු නොවන්නේය. එනම්: සුබ්හානල්ලාහ්, අල් හම්දු ලිල්ලාහ්, ලා ඉලාහ ඉල්ලල්ලාහ්, සහ අල්ලාහු අක්බර්.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.
මෙම වදන් හතරෙහි මහිමය හදීසය පෙන්වා දී ඇත. නියත වශයෙන්ම ඒවායෙහි වැදගත් කරුණු ඇතුළත්ව ඇති බැවින් ඒවා අල්ලාහ් වෙත වඩාත් ප්රිය මනාප මෙන්ම මිනිසා විසින් ප්රකාශ කරන වදන් වන්නේය. එනම් ඒවා මගින් අල්ලාහ් සුවිශුද්ධ කරනු ලැබේ. ඔහු ප්රිය කරන, ඔහුට අනිවාර්යයෙන් තිබිය යුතු පූර්ණ ගුණාංග තුළින් ඔහු වර්ණනා කරනු ලැබේ. ඒකීයත්වයෙන් හා මහඟුභාවයෙන් ඔහුව විශේෂ කරනු ලැබේ. තවද හදීසයේ සඳහන් පරිදි නියත වශයෙන්ම ඒවායෙහි මහිමයට හා ඒවායෙහි කුසල් ලැබීමට පෙළ ගැස්වීමක් නියම කරන නැත.