عن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : «أكْثَرُ مَا يُدْخِلُ الْجَنَّةَ تَقْوَى اللَّهِ وَحُسْنُ الْخُلُقِ».
[حسن صحيح] - [رواه الترمذي]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ හුරෙය්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “ස්වර්ගයට ඇතුළු කරවන දැයින් බොහෝමයක් වන්නේ අල්ලාහ් පිළිබඳ බිය හැඟීම හා ගුණ යහපත්කමයි.”
හසන් සහීහ් ගණයට අයත් හදීසයකි. - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.
මෙම හදීසයේ තක්වා හෙවත් බියබැතිමත් භාවයේ මහිමය පිළිබඳ පෙන්වා දෙයි. සැබැවින්ම එය ස්වර්ගයට පිවිසීමට හේතුවකි. ගුණයහපත්කමද එලෙසමය. ‘බිය බැතිමත්කම හා ගුණයහපත්කම’ යන මෙම කරුණු දෙක ගැත්තා ස්වර්ගයට ඇතුළත් කරන සාධක අතරින් වඩාත් අධික මෙන්ම වඩාත් වැදගත්ම කරුණු දෙකකි.