عن جابر بن عبد الله رضي الله عنهما أن رسول الله صلى الله عليه وسلم قال: "مَنْ لَقِيَ الله لا يُشْرِك به شَيئا دخل الجنَّة، ومن لَقِيَه يُشرك به شيئا دخَل النار".
[صحيح] - [رواه مسلم]
المزيــد ...

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව ජාබිර් බින් අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. “අල්ලාහ්ට කිසිවකින් ආදේශ නොකර කවරෙකු ඔහු ව මුණ ගැසුණේ ද ඔහු ස්වර්ගයට පිවිසීය. කවරෙකු ඔහුට යමක් ආදේශ කර ඔහු ව මුණ ගැසුණේ ද ඔහු (අපා) ගින්නට පිවිසීය.
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

සැබැවින්ම කවරෙකු අල්ලාහ්ගේ පාලනත්වයේ හෝ දේවත්වයේ හෝ නාම හා ගුණාංගවල හෝ ඔහුට කිසිවක් ආදේශ නොකර මිය ගියේ ද ඔහු ස්වර්ගයට පිවිසුණු බවත් අල්ලාහ්ට ආදේශ තබන්නෙකු ලෙස මිය ගියේ නම් සැබැවින්ම ඔහුගේ නවාතැන අපා ගින්න බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අපට දන්වා සිටියි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. කවරෙකු ඒක දේවත්වය මත මිය යන්නේ ද ඔහු අපා ගින්නේ සදා නොවෙසයි. ඔහුගේ නවාතැන ස්වර්ගයයි.
  2. කවරෙකු දේව ආදේශය මත මිය යන්නේ ද ඔහුට අපා ගින්න නියම වන්නේය.
  3. ස්වර්ගය හා අපාය ගැත්තාට ඉතා සමීපයෙන් පවතී. ඔහු අතර හා ඒ දෙක අතර මරණය මිස වෙනත් බාධකයක් නැත.
  4. දේව ආදේශය ගැන බියවීමේ අනිවාර්යභාවය. සැබැවින්ම අපා ගින්නෙන් මිදීමට, දේව ආදේශයෙන් ඉවත්වීම කොන්දේසි ලෙස පනවන ලදී.
  5. අධික ලෙස නැමදුම් කිරීම ආදර්ශයක් නොවන්නේය. සැබැවින්ම ආදර්ශය වනුයේ අල්ලාහ්ට ආදේශ කිරීමෙන් සුරැකී සිටීමය.
  6. ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ යන පදයේ තේරුම පැහැදිලි කිරීම. සැබැවින්ම එය දේවත්වය ආදේශ කිරීම අතහැරීම හා අල්ලාහ්ට පමණක් නැමදුම් ඉටු කිරීමය.
  7. දේවත්වය ආදේශ කිරීමෙන් ආරක්ෂා වූ අයගේ මහිමය.
  8. ස්වර්ගය හා අපාය සහතික කිරීම.
  9. නැමදුම්වල නිගමනය එහි අවසානය අනුව පිහිටයි.
අමතර