عن عبد الله بن عمر رضي الله عنهما مرفوعاً: "من حلف بغير الله قد كفر أو أشرك"
[صحيح] - [رواه الترمذي وأبو داود وأحمد]
المزيــد ...

අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "c2">“කවරෙකු අල්ලාහ් නොවන වෙනත් දෙයක් මත දිවුරා සිටියේද, සැබැවින්ම ඔහු ප්රතික්ෂේප කළේය. එසේ නොමැතිනම් ඔහු ආදේශ තැබුවේය.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙම හදීසයේ තොරතුරක් දන්වා සිටියි. ඉන් අදහස් වන්නේ තහනමකි. එනම්, අල්ලාහ් නොවන වෙනත් මැවීම් මත කවරෙකු දිවුරා සිටියේද සැබැවින්ම ඔහු එම දිවුරුම තුළින් අල්ලාහ්ට ආදේශ කිරීමක් හා ඔහුව ප්රතික්ෂේප කිරීමක් ලෙස යොදා ගෙන ඇති බවයි. ඊට හේතුව සැබැවින්ම යම් වස්තුවක් මත දිවුරා සිටීම එයට ගරුබුහුමන් කිරීමක් වන්නේය. යථාර්ථයෙන්ම ගරුබුහුමන හිමි විය යුත්තේ අල්ලාහ්ට පමණය. එබැවින් ඔහු හෝ ඔහුගේ ගුණාංග අතරින් යම් ගුණාංගයක් මත හෝ දිවුරා සිටීම හැර වෙනත් දෑ මත දිවුරා නොසිටිය යුතුය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. අල්ලාහ් නොවන දෑ මත දිවුරා සිටීමේ තහනම, සැබැවින්ම එය අල්ලාහ්ට ආදේශ කිරීමකි. එමෙන්ම ඔහුව ප්රතික්ෂේප කිරීමකි.
  2. දිවුරීමෙන් ගරුබුහුමන් කීරීම අල්ලාහ්ට පමණක් හිමි විය යුතු යුත්තකි. එබැවින් ඔහු හැර වෙනත් දෑ මත දිවුරා නොසිටිය යුතුය.
  3. සැබැවින්ම අල්ලාහ් නොවන දෙයක් මත දිවුරා සිටීම ඒ සඳහා ප්රතිකර්මයක් අනිවාර්යය කර නැත. ඊට හ්තුව ඒ ගැන කිසිදු ප්රතිකර්මයක් සඳහන් වී නොමැති බැවිණි. නමුත් එය තව්බාව නොහොත් පශ්චාත්තාපය හා පාපක්ෂමාව අයැදීම අනිවාර්යය කරවයි.
  4. සැබැවින්ම අල්ලාහ් නොවන දෑ මත දිවුරා සිටීම කුඩා පරිමාණයේ ආදේශයකි. ඇතැමුන් එය මහා පරිමාණයේ ආදේශයක් බව සඳහන් කළ ද එය කුඩා පරිමාණයේ ආදේශ කිරීමකි. බහුතර විද්වතුන් දරණ මතය ද එයයි.
අමතර