عن ابْنِ عُمَرَ رضي الله عنهما أنه سَمِعَ رَجُلًا يَقُولُ: لَا وَالْكَعْبَةِ، فَقَالَ ابْنُ عُمَرَ: لَا يُحْلَفُ بِغَيْرِ اللَّهِ، فَإِنِّي سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ:
«مَنْ حَلَفَ بِغَيْرِ اللهِ فَقَدْ كَفَرَ أَوْ أَشْرَكَ».

[صحيح] - [رواه أبو داود والترمذي وأحمد] - [سنن الترمذي: 1535]
المزيــد ...

ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම හෙතෙම: "නැත, කඃබාව මත දිවුරමින්" යැයි දිවුරා සිටි මිනිසෙකුට සවන් දුන්නේය. එවිට ඉබ්නු උමර් තුමා: "අල්ලාහ් නොවන දෑ මත දිවුරා නොසිටින්න. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් කළ ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි. එතුමාණෝ මෙසේ පැවසූහ.
"කවරෙකු අල්ලාහ් නොවන දෑ මත දිවුරා සිටියේ ද, සැබැවින්ම ඔහු අල්ලාහ්ව ප්‍රතික්ෂේප කළේය. එසේ නැතහොත් දෙවියන්ට ආදේශ තැබුවේය."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [رواه أبو داود والترمذي وأحمد] - [سنن الترمذي - 1535]

විවරණය

කවරෙකු අල්ලාහ් හැර වෙනත් දෙයක් මත හා ඔහුගේ නාම හා ගුණාංග හැර වෙනත් දෑ මත දිවුරා සිටියේ ද සැබැවින්ම ඔහු අල්ලාහ්ව ප්‍රතික්ෂේප කළේය. එසේ නැතහොත් ඔහුට ආදේශ තැබුවේය. හේතුව එසේ දිවුරා සිටීම දිවුරනු ලබන දෑ ගරුබුහුමන් කිරීමට ලක්වන බැවිනි. සැබැවින්ම එය අල්ලාහ් වෙනුවෙන් පමණක් විය යුතුය. එබැවින් අල්ලාහ් මත, ඔහුගේ ශුද්ධ වූ නාම හා ගුණාංග මත පමණක් දිවුරා සිටිය යුතුය. මෙලෙස දිවුරා සිටීම "අෂ්-ෂිර්කුල් අස්ගර්" හෙවත් කුඩා පරිමාණයේ ආදේශ කිරීම ලෙස සැලකේ. නමුත් දිවුරා සිටින්නා දිවුරන දෑ උත්තරීතර අල්ලාහ්ට ගරුබුහුමන් කිරීමක් ලෙස හෝ ඊටත් වඩා අධික ලෙස මහිමයට පත් කළේ නම්, එවිට එය මහා ෂිර්ක් ගණයට අයත් වනු ඇත.

හදීසයේ හරය

  1. සැබැවින්ම දිවුරා ගරුබුහුමන් කිරීම උත්තරීතර ශුද්ධ වූ අල්ලාහ්ට පමණක් සතු අයිතියකි. එබැවින් අල්ලාහ්, ඔහුගේ නාම හා ගුණාංග මත හැර වෙනත් කිසිවක් මත දිවුරා නොසිටිය යුතු ය.
  2. යහපත විධානය කර අයහපතින් වැළැක්වීම සඳහා සහාබාවරු උනන්දු වූහ. විශේෂයෙන් පිළිකුල් සහගත යමක් දේව ආදේශය හා දේව ප්‍රතික්ෂේපය හා බැඳී පැවතුණු විටෙක ඒ කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්වූහ.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (67)
අමතර