عَن عَائِشَةَ أُمِّ المؤْمِنين رضي الله عنها زَوْجَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَدَّثَتْهُ قَالَتْ:
جَاءَتْنِي امْرَأَةٌ مَعَهَا ابْنَتَانِ تَسْأَلُنِي، فَلَمْ تَجِدْ عِنْدِي غَيْرَ تَمْرَةٍ وَاحِدَةٍ، فَأَعْطَيْتُهَا فَقَسَمَتْهَا بَيْنَ ابْنَتَيْهَا، ثُمَّ قَامَتْ فَخَرَجَتْ، فَدَخَلَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَحَدَّثْتُهُ، فَقَالَ: «مَنْ يَلِي مِنْ هَذِهِ البَنَاتِ شَيْئًا، فَأَحْسَنَ إِلَيْهِنَّ، كُنَّ لَهُ سِتْرًا مِنَ النَّارِ».
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 5995]
المزيــد ...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ බිරියක් වූ මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී:
ගැහැණු දරුවන් දෙදෙනෙකු සමග කාන්තාවක් මා වෙත පැමිණ යමක් ඉල්ලා සිටියාය. එක් රට ඉඳි ගෙඩියක් හැර වෙනත් කිසිවක් මා ළඟ තිබුණේ නැත. එය මම ඇයට දුනිමි. ඇය එය දරුවන් දෙදෙනා අතර බෙදු දුන්නාය. පසුව නැගිට පිටව ගියාය. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අතුළට පැමිණි අතර ඇය එතුමාණන් සමග මේ ගැන කතා කළා ය. එවිට එතුමාණෝ "මෙම ගැහැණු දරුවන්ගේ කටයුත්තක් කවරෙකු භාරගෙන ඔවුන් සමග යහපත් අයුරින් කටයුතු කළේ ද ඔහුට අපා ගින්නෙන් වූ ආවරණයක් බවට ඔවුන් පත් වනු ඇත." යැයි පැවසුහ.
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 5995]
මුඃමින්වරුන්ගේ මාතාවක වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: "ඇත්තෙන්ම ගැහැණු දරුවන් දෙදෙනෙකු සමග කාන්තාවක් ඇය වෙත පැමිණ කෑමට යමක් තමන්ට දෙන ලෙස ඉල්ලා සිටියාය. එක් රට ඉඳි ගෙඩියක් හැර වෙනත් කිසිවක් ආඉෂා (රළියල්ලාහු අන්හා) සතුව තිබුණේ නැත. ඇය එය ඇයට දුන්නාය. එම කාන්තාව ඉන් කිසිවක් අනුභව නොකර එම රට ඉඳි ගෙඩිය එම දරුවන් දෙදෙනා අතර බෙදා දුන්නාය. පසුව නැගිට පිටව ගියා ය. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අතුළට පැමිණි අතර ආඉෂා තුමිය එතුමාණන් සමග මේ ගැන පවසා සිටියා ය. එවිට එතුමාණෝ මෙසේ පැවසුහ: "කවරෙකු මෙම ගැහැණු දරුවන්ගේ යම් කටයුත්තක් භාරගෙන, ඔවුන් සමග යහපත් අයුරින් කටයුතු කර, ඔවුන් හදාවඩා ගෙන, ඔවුනට ආහාර පාන හා ඇඳුම් පැළඳුම් සපයා, ඒ කටයුතු සම්බන්ධයෙන් ඉවසීමෙන් කටයුතු කරන්නේ ද ඔවුන් ඔහුට අපා ගින්නෙන් වූ ආවරණයක් බවට පත් වනු ඇත."