عن أبي هريرة رضي الله عنه : أن رجلًا قال للنبي -صلى الله عليه وآله وسلم-: أوصني، قال لا تَغْضَبْ فردَّدَ مِرارًا، قال لا تَغْضَبْ».
[صحيح] - [رواه البخاري]
المزيــد ...
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට: ‘මට ඔබ උපදෙස් දෙනු මැනව!’ යැයි පවසා සිටියේය. එතුමා: “ඔබ කෝප නොවනු” කීප වරක් ම ඔහු එසේ විමසා සිටියේය. එවිට ද “ඔබ කෝප නොවනු.” යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.
සහාබාවරුන් (රළියල්ලාහු අන්හුම්) අතරින් කෙනෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් මෙලොවෙහි මෙන්ම මතුලොවෙහි තමන්ට ප්රයෝජනවත් වන යමක් නියෝග කරන මෙන් ඉල්ලා සිටියේය. එවිට එතුමා කෝප නොවන්නැයි නියෝග කළේය. ‘ඔබ කෝප නොවනු’ යන එතුමාගේ උපදෙස තුළ මිනිසාට ඇතිවන හානි බොහෝමයකට ආරක්ෂාව සැලසෙන්නේය.