عن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : «لا تَحَاسَدُوا، ولا تَنَاجَشُوا ولا تَبَاغَضُوا، ولا تَدَابَرُوا، ولا يَبِعْ بَعْضُكم على بَيْعِ بعضٍ، وكُونوا عبادَ الله إخوانًا، المسلمُ أخُو المسلمِ لا يَظْلِمُهُ ولا يَخْذُلُهُ ولا يَكذبه ولا يَحْقِرُه، التقوى ههنا -ويشير إلى صدره ثلاث مرات- بِحَسْبِ امرِئٍ من الشَّرِّ أن يَحْقِرَ أخَاه المسلمَ، كُلُّ المسلمِ على المسلمِ حرامٌ: دَمُهُ ومَالُهُ وعِرْضُهُ».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ හුරෙය්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “නුඹලා එකිනෙකාට ඊර්ෂ්යා නොකරන්න. නුඹලා එකිනෙකාට විරුද්ධව මිල වැඩි නොකරන්න. නුඹලා එකිනෙකාට වෛර නොකරන්න. නුඹලා එකිනෙකා පසුපස හැරී නොයන්න. කෙනෙකුගේ වෙළඳාමට එරෙහිව නුඹලා අතුරින් කිසිවකු වෙළදාම් නොකළ යුතුයි. නුඹලා සහෝදරයන් ලෙසින් අල්ලාහ්ගේ ගැත්තන් වන්න. මුස්ලිම්වරයා මුස්ලිම්වරයාගේ සහෝදරයෙකි. ඔහු ඔහුට අසාධාරණකම් කරන්නේ නැත. ඔහුව පහත් කරන්නේ නැත. ඔහුට බොරු කියන්නේ නැත. ඔහුට අපහාස කරන්නේ නැත. තක්වා හෙවත් ශ්රද්ධාව මෙහි ඇත. එතුමා තුන් වරක් එතුමාගේ පපුව දෙසට සළකුණු කළේය. පුද්ගලයකු නපුරු වීමට තම සහෝදර මුස්ලිම්වරයා අවතක්සේරු කිරීම ප්රමාණවත් වන්නේය. මුස්ලිම්වරයාගේ රුධිරය, දේපළ සහ ගෞරවය යනාදී සියල්ල තවත් මුස්ලිම්වරයකුට තහනම්ය.
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

මෙම හදීසයේ මුස්ලිම්වරුන් ඇසුරු කිරීමේදී අප මත අනිවාර්යය වන ඇතැම් කරුණු වෙත නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අපට මග පෙන්වා ඇත. එය අප එකිනෙකා ආදරයෙන් හා සෙනෙහසින් සදාචාර ගතිපැවතුම් වෙත අපට මග පෙන්වන, නපුරුකම් කිරීමෙන් අප දුරස් කරන, අපගේ හදවත්වලින් ක්රෝධය ඉවත් කරන, එකිනෙකා කටයුතු කිරීමේදී ඊර්ෂ්යාව, අසාධාරණය හා වංචාව හා එවන් හිංසාකාරී එකිනෙකා වෙන්කරවන කටයුතු වලින් තොරව ශ්රේෂ්ඨ ලෙස කටයුතු කිරීමට සළසන ආගමික දැහැමි කටයුතු එකිනෙකා මත ක්රියාත්මක කිරීමෙනි. සැබැවින්ම මුස්ලිම්වරයා තම සහෝදරයාට හිංසා පමුණුවීම තහනම් වේ. එය ධනයෙන් හෝ ක්රියාවෙන් හෝ අතින් හෝ දිවෙන් හෝ වුව ද සමානය. සෑම මුස්ලිම්වරයකුම අනෙක් මුස්ලිම්වරයාට ඔහුගේ ජීවිතය ඔහුගේ ධනය ඔහුගේ මාන්යය කෙළසීම තහනම් වන්නේය. සැබැවින් ගෞරවය හා ශ්රේෂ්ඨත්වය පවතින්නේ තක්වා හෙවත් දෙවියන් පිළිබඳ වූ බිය හැඟීම පදනම් කර ගනිමිනි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර