عن أبي هريرة رضي الله عنه مرفوعاً: «كان رجل يُدَايِنُ الناس، وكان يقول لفَتَاه: إذا أَتَيْتَ مُعْسِرًا فَتَجَاوَزْ عنه، لعَلَّ الله أن يَتَجَاوَزَ عنَّا، فَلَقِيَ الله فتَجَاوز عنه».
[صحيح] - [متفق عليه]
المزيــد ...
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “මිනිසුන් සමග ණය ගනුදෙනු කරන පුද්ගලයෙකු විය. ඔහු තම සේවා දායකයාට ‘ඔබ බංකොලොත් ලෙස පැමිණි විටෙක, ඒ ගැන ඔබ නොසලකා හරින්න. අල්ලාහ් අපට සමාව දෙන්නට පුළුවන’ යැයි පවසමින් සිටියේය. ඔහු අල්ලාහ්ව මුණ ගැසුණේය. ඔහු ඔහුට සමාව දුන්නේය.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
හදීසයේ තේරුම: “මිනිසුන් සමග ණය ගනුදෙනු කරන පුද්ගලයෙකු විය.” එනම්: ඔවුන් සමග ණය ගනු දෙනු කරන හෝ කල් ණය ක්රිමයට ඔවුන් සමග වෙළඳාම් කරන පුද්ගලයකි. ජනයා ඉදිරියේ ණය පියවීමට නියම වූ තම සේවකයා දෙස බලා: ‘ඔබ වෙත ඔහු බංකොලොත් කරුවකු ලෙස පැමිණ, ඔහු වෙත පැවරුණු ණය පියවීමට යමක් ඔහු ඉදිරියේ නොමැතිව ඔහුට එය පියවීමට නොහැකි වෙයි. ‘එවිට ඔබ එය නොසලකා හරින්න.’ එය එක්කෝ ඔහුගෙන් ඉක්මණින් නොඉල්ලා ඒ සඳහා කල් දෙන්න. එසේ නැතහොත් ඔහු ළඟ සුළු ප්රමාණයක් තිබුණද එය පිළිගන්න. ‘අල්ලාහ් අපට සමාව දෙන්නට පුළුවන” එනම් අල්ලාහ්ගේ ගැත්තෙකුට සමාව දුන් බැවින් ඔහුට සහන සැලසූ බැවින් හා ඔවුන්ගෙන් දුෂ්කරතාව ඉවත් කළ බැවින් අල්ලාහ් අපට සමාව දෙනු ඇත. මෙය ‘සැබැවින්ම අල්ලාහ්ගේ ගැත්තන් වෙත ඔවුනොවුන්ගේ ක්රියාවන්ට අනුගත දෙයකින් ඔවුන් සමග ත්යාගශීලීව කටයුතු කරන ගැත්තන්හට අල්ලාහ් ප්රුමාණවත්’ වන බව ඔහු දැනගනු පිණිසය. එමෙන්ම කවරෙකු දැහැමි ක්රියාවක් කරන්නේ ද ඔහුගේ කුසල් අල්ලාහ් අපතේ නොයවන බව ඔහු දැන ගනු පිණිසය. ඔහු අල්ලාහ්ව මුණ ගැසුනේය ඔහුට ඔහු සමාව දුන්නේය. එනම් ඔහු කිසිදු යහපතක් සිදු නොකළ ද ජනයාට ඔහු කරුණාව දැක්වීමත් ඔවුන් සමග මෘදු ලෙස කටයුතු කිරීමත් ඔවුනට පහසුකම් සැලසීමත් ඔහුට ප්රමාණවත් වන්නේය. එය නසාඊ හා ඉබ්නු හිබ්බාන්හි වාර්තාවකට අනුව මෙසේ සඳහන් වේ. “සැබැවින්ම මිනිසෙකු කිසි විටෙක කිසිදු යහපතක් සිදු නොකළ නමුත් ඔහු ජනයාට ණය දෙන්නෙකු විය. පසුව ඔහු ඔහුගේ නියෝජිතයාට ‘ඔබ පහසු දේ ගනු. අපහසු දේ අතහරිනු. නොසලකා හරිනු. අල්ලාහ් අපට සමාව දිය හැකිය.” යැයි පැවසීය. අල්ලාහ් පිළිබඳ වූ සිතුවිලි වඩාත් යහපත් වූ කල්හි අල්ලාහ්ගේ ගැත්තන්හට තමන් වඩාත් යහපත් වූ කල්හි අල්ලාහ් ඔහුගේ පාපකම් ඉවත් කරන අතරම අදාළ ක්රියාවෙන්ම ප්රතිඵල පිරිනමනු ඇත.