عن جابر رضي الله عنه : أن رسول الله صلى الله عليه وسلم قال: «رحِم الله رَجُلا سَمْحَا إذا باع، وإذا اشترى، وإذا اقْتَضَى».
[صحيح] - [رواه البخاري]
المزيــد ...

සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්-තුමා පැවසූ බව ජාබිර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “විකුණන විටත් මිලට ගන්නා විටත් තීන්දු කරන විටත් අවකාශය ලබා දෙන මිනිසාට අල්ලාහ් කරුණා කරත්වා!“
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.

විවරණය

හදීසයේ තේරුම: "මිනිසාට අල්ලාහ් කරුණා කරත්වා!" මෙම පැතුම, විකුණන විටත් මිලට ගන්නා විටත් මිලක් තීන්දු කරන විටත් අවකාශය ලබා දෙන සෑම කෙනෙකුටම අයත් ආශිර්වාදයේ පැතුමකි. එය පිරිමියකු හෝ වේවා කාන්තාවක හෝ වේවා එක සමානය. මෙහි මිනිසෙකු යනුවෙන් දන්වා සිටීමෙන් (එසේ කටයුතු කරන) බහුතරයක් දෙනා පිරිමින්ය යන්න නිරූපණය කරයි. "විකුණන විට අවකාශය පිරිනැමීමෙන්" යනු: විකිණීමේදි පහසු මිලක් අනුගමනය කිරීමය. මිලදී ගන්නා අපහසුතාවට පත් කරන අයුරින් මිල ගණන් අධික නොකළ යුතුය. එය සහන මිලකට විකිණිය යුතුය. උස්මාන් ඉබ්නු අෆ්ෆාන් -රළියල්ලාහු අන්හු- තුමා වාර්තා කළ හදීසයක් අහ්මද් නසාඊ හි මෙසේ වාර්තා වේ. "අල්ලාහ් සහන මිලට විකුණන්නා හා මිලදී ගන්නා ස්වර්ගයට ඇතුළත් කරනු ඇත." "මිලදී ගන්නා විටද" එනම්: සහන මිලට මිලදී ගන්නා විට, භාණ්ඩයක වටිනාකමට නියම මිලක් ලබා නොදී, ඒ ගැන කේවල් කිරීමෙන් වැළකී සිටිය යුතුය. එය සහනදායී පහසු මිලක් විය යුතුය. තීන්දු කරන විට, යනු: ණය කරුගෙන් තම ණය ඉල්ලා සිටින විටදී එය කාරුණිකව සහනදායී ක්රමයකින් විය යුතුය. දරදඬු නොවී ඉතා කාරුණිකව ඉල්ලා සිටිය යුතුය. මීට අමතරව ඉබ්නු හිබ්බාන්හි සඳහන් ජාබිර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් දන්වා සිටි හදීසයක මෙසේ සඳහන් වේ. "මිල කතා කරන විට පහසු ක්රමයට" එනම් තමන් වෙත පැවරෙන ණය තීන්දු කරන අවස්ථාවේ පහසු ක්රමයක් භාවිත කිරීම යන්නය. තමන් වෙත පැවරුණු වගකීමෙන් ඵලා නොයා යුතුය. එයින් වැළකී නොසිටිය යුතුය. නමුත් එය පහසු ක්රමයකින් හා පිවිතුරු හදවතකින් ඉටු කළ යුතු වේ. මෙම කණ්ඩායම් හතර වෙනුවෙන් ඔවුන් විකුණන විටත් මිලට ගන්නා විටත් ඔවුන් අතර තීන්දු කරන විටත් තමන් වෙත පැවරුණු ණය අයිතිකරුවන්හට පියවන විටත් කාරුණිකව හා සහනදායී ලෙසින් කටයුතු කරන්නේ නම් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඔවුනට ප්රාර්ථනා කර ඇත්තාහ.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. විකිණීමෙහි හා මිලදී ගැනීමෙහි එකිනෙකාට අවකාශය සැලසීම සතුටු දායකය. විකුණන හා මිලට ගන්නා සෑම කෙනෙකුම ඉඩ දීමෙන් අනෙකා අසහනයට පත්වීමට හෝ පීඩාවට පත්වීමට හේතුවක් නොවනු ඇත.
  2. යුක්තිය ඉටු කිරීමට ඉල්ලා සිටීමේදී නම්යශීලී වීම ගැන උනන්දු කරවීම. ඒවායින් සමහරක් අත්හැර දැමීම සතුටු දායකය.
අමතර