عن شداد بن أوس رضي الله عنه قال: ثِنْتَانِ حَفِظْتُهُمَا عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«إِنَّ اللهَ كَتَبَ الْإِحْسَانَ عَلَى كُلِّ شَيْءٍ، فَإِذَا قَتَلْتُمْ فَأَحْسِنُوا الْقِتْلَةَ، وَإِذَا ذَبَحْتُمْ فَأَحْسِنُوا الذَّبْحَ، وَلْيُحِدَّ أَحَدُكُمْ شَفْرَتَهُ، فَلْيُرِحْ ذَبِيحَتَهُ».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 1955]
المزيــد ...
ෂද්දාද් ඉබ්නු අවුස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්)
ගෙන් කරුණු දෙකක් ධාරණය කර ගත්තෙමි.
“සැබැවින්ම අල්ලාහ් සියලු කරුණුවලට කරුණාව නියම කර ඇත. එබැවින් නුඹලා මරණ විට හොඳින් ඉටු කරන්න. නුඹ සත්ව ගෙල සිඳින විට ගෙල සිඳීම විධිමත්ව ඉටු කරන්න. තවද නුඹලා අතරින් කෙනෙකු ඔහුගේ ආයුධය හොදින් මුවහත් කරත්වා, ඔහු ගෙල සිඳිනු ලබන සත්වයා විවේක ගෙනීමට ඉඩ දෙත්වා.”
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත] - [صحيح مسلم - 1955]
සියලු කරුණු වල අල්ලාහ් අප වෙත කුණාව නියම කර ඇති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි. යහපත යනු: තම නැමදුම් කටයුතුවලදී ද, යහපත සිදු කරන අවස්ථාවේදී ද, මැවීම්වලට අත්වන හානිය වළක්වන අවස්ථාවේදී ද, නිරන්තරයෙන්ම අල්ලාහ් අධීක්ෂණය කරන බව හැඟීමය.
අපරාධයක සම ප්‍රතිචාර දක්වන අවස්ථාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ දී යහපත පිළිපැදීම යනු: ඝාතනයට ලක්වූවන් සඳහා සම ප්‍රතිචාර දැක්වීමේ දී පහසුම, සැහැල්ලු සහ වේගවත්ම මාර්ගය තෝරා ගැනීමය.
ආහාරය සඳහා සත්වයකු කපා හරින අවස්ථාවේ යහපත පිළිපැදීම යනු: මුවහත් ආයුධයකින් සතාව සැහැල්ලුවෙන් කැපීම, කපන ලද සතා බලා සිටිය දී ඌ ඉදිරියේ ආයුධය මුවුහත් නොකිරීම, ඌ බලා සිටිය දී ඌ ඉදිරියේ තවත් සතෙකු කපා නොහැරීම වැනි දෑ පිළිපැදීමය.