عَنْ أَبِي مُوسَى رضي الله عنه عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«إِنَّ اللهَ عَزَّ وَجَلَّ يَبْسُطُ يَدَهُ بِاللَّيْلِ لِيَتُوبَ مُسِيءُ النَّهَارِ، وَيَبْسُطُ يَدَهُ بِالنَّهَارِ لِيَتُوبَ مُسِيءُ اللَّيْلِ، حَتَّى تَطْلُعَ الشَّمْسُ مِنْ مَغْرِبِهَا».

[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 2759]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ මූසා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"සැබැවින්ම සර්වබලධාරී අල්ලාහ් දහවල් කාලයේ පාපකම් කරන්නා පාපක්ෂමාව අයදිනු පිණිස තම අත රාත්‍රියේ දිගු හරියි. රාත්‍රී කාලයේ පාපකම් කරන්නා පාපක්ෂාම අයදිනු පිණිස තම අත දහවල් කාලයේ දිගු හරියි. එය හිරු අවරින් උදාවන තෙක්ම සිදුවනු ඇත."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත] - [صحيح مسلم - 2759]

විවරණය

සැබැවින්ම අල්ලාහ් තම ගැත්තන් පශ්චාත්තාප වී සමාව අයැදීම පිළිගන්නා බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි. ගැත්තා දවාලේ පාපයක් සිදු කර රාත්‍රියේ පසුතැවිලි වී සමාව අයැද සිටියේ නම්, අල්ලාහ් ඔහුගේ පාපක්ෂමාව පිළිගනු ඇත. එමෙන්ම රාත්‍රියේ පාපයක් සිදු කර දහවලේ පසුතැවිලි වී සමාව අයැද සිටියේ නම් අල්ලාහ් ඔහුගේ පශ්චාත්තාපය පිළිගනු ඇත. පශ්චාත්තාපය ගැන සතුටු වී එය පිළිගන්නට සුවිශුද්ධයාණන් තම අත දිගු හරයි. ‌මොලො‌ විනාශ වී යෑම දැනුම් දීමක් ලෙස හිරු අවරින් පායන තෙක් පාපක්ෂමාවේ දොරටු විවෘතව පවතී, එය උදා වූයේ නම් එවිට සැබැවින්ම පාපක්ෂමාවේ දොරටුව වැසී යනු ඇත.

හදීසයේ හරය

  1. පාපක්ෂමාවේ දොරටුව විවෘතව පවතින තාක්කල් එය පිළිගනු ලැබේ. හිරු අවරින් උදාවීමත් සමග එහි දොරටු වැසී යනු ඇත. මිනිසාගේ ප්‍රාණය උගුරු දණ්ඩ වෙත පැමිණ හුස්ම හිරවී මරණයට පත්වීමට පෙර ඔහු පාපක්ෂමාවෙහි නිරත විය යුතුයි.
  2. පාපය හේතුවෙන් බලාපොරොත්තු සුන්කරගත යුතු නැත. හේතුව සැබැවින්ම සුවිශුද්ධ අල්ලාහ්ගේ සමාව හා ඔහුගේ කරුණාව අති විශාලය. තව්බා හෙවත් පාපක්ෂමාවේ දොරටු විවෘතව පවතී.
  3. තව්බා හෙවත් පාපක්ෂමාව යැදීමේ කොන්දේසි: පළමුවැන්න: පාපයෙන් මිදීම, දෙවැන්න: එම ක්‍රියාව පිළිබඳ පසුතැවිලි වීම, තුන්වැන්න: නැවතත් ඒ වෙත නොයන බවට සහතික කර ගැනීම. මෙය උත්තරීතර අල්ලාහ්ගේ අයිතිවාසිකම් සම්බන්ධ කටයුතුවලදීය. නමුත් ගැත්තන්ගේ අයිතිවාසිකම් අතරින් එකක් සමග සම්බන්ධ වූවක් නම් එම තව්බාව වලංගු වීම සඳහා අදාළ තැනැත්තාගේ වගකීම ඉටු කිරීම ‌හෝ අදාළ තැනැත්තා ඔහුට සමාව දීම කොන්දේසියක් වන්නේය.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (52)
අමතර