عن ابن عباس رضي الله عنهما
عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِيمَا يَرْوِي عَنْ رَبِّهِ عَزَّ وَجَلَّ قَالَ: قَالَ: «إِنَّ اللهَ كَتَبَ الْحَسَنَاتِ وَالسَّيِّئَاتِ، ثُمَّ بَيَّنَ ذَلِكَ، فَمَنْ هَمَّ بِحَسَنَةٍ فَلَمْ يَعْمَلْهَا كَتَبَهَا اللهُ لَهُ عِنْدَهُ حَسَنَةً كَامِلَةً، فَإِنْ هُوَ هَمَّ بِهَا فَعَمِلَهَا كَتَبَهَا اللهُ لَهُ عِنْدَهُ عَشْرَ حَسَنَاتٍ إِلَى سَبْعِمِائَةِ ضِعْفٍ، إِلَى أَضْعَافٍ كَثِيرَةٍ، وَمَنْ هَمَّ بِسَيِّئَةٍ فَلَمْ يَعْمَلْهَا كَتَبَهَا اللهُ لَهُ عِنْدَهُ حَسَنَةً كَامِلَةً، فَإِنْ هُوَ هَمَّ بِهَا فَعَمِلَهَا كَتَبَهَا اللهُ لَهُ سَيِّئَةً وَاحِدَةً».
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 6491]
المزيــد ...
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී:
අල්ලාහ්ගේ දූතයාණොා් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) උත්තරීතර තම පරමාධිපති ගැන දන්වා සිටියදී මෙසේ පවසා සිටියහ. “සැබැවින්ම අල්ලාහ් යහපත් දෑ හා අයහපත් දෑ ලියා ඇත්තේය. පසු ව ඔහු ඒවා පැහැදිළි කළේය. එබැවින් කවරෙකු යම් යහපතක් සිතා, එය සිදු නොකළේ නම් අල්ලාහ් ඔහු අබියස එය පූර්ණ කුසලක් ලෙස සටහන් කරයි. එමෙන්ම ඔහු ඒ ගැන සිතා, එය ඉටු කළේ නම් අල්ලාහ් ඔහු අබියස කුසල් දහයේ සිට හත්සීය දක්වා ද ඊට වඩා අධික ගුණයෙන් ද ගුණ කර එය සටහන් කරයි. එමෙන්ම කවරෙකු යම් නපුරක් සිතා පසුව එය සිදු නොකළේ නම්, අල්ලාහ් ඔහු අබියස පූර්ණ කුසලක් ලෙස සටහන් කරයි. එමෙන්ම ඔහු එය සිතා එය සිදු කළේ නම් අල්ලාහ් එක් පාපයක් ලෙස සටහන් කරයි."
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 6491]
යහපත් දෑ හා අයහපත් දෑ අල්ලාහ් නියම කර ඇති බවත් අනතුරුව එය ලියනුයේ කෙසේදැ?යි ඔහු මලක්වරු දෙදෙනාට පැහැදිලි කළ බවත් දූතයාණෝ පැහැදිළි කර සිටියහ.
එබැවින් කවරෙකු යම් යහපතක් සිතා, අදිෂ්ඨාන කොට, පසුව එය සිදු නොකළ ඔහුට කුසලක් ලියනු ලැබේ. ඔහු එය ඉටු කළේ නම්, කුසල් දහයේ සිට හත්සීය දක්වා ද ඊට වඩා අධික ගුණයෙන් ද ගුණ කරනු ලැබේ. අධික කුසල් පිහිටනුයේ සිත තුළ පවතින අවංකභාවය හා ප්‍රතිඵල වැඩියෙන් බලාපොරොත්තු වීම යනාදිය තුළිනි.
එමෙන්ම කවරෙකු හෝ යම් නපුරක් සිතා එය අදිෂ්ඨාන කර පසුව එය අල්ලාහ් වෙනුවෙන් අත්හැර දැමුවේ නම්, ඔහුට කුසලක් ලියනු ලැබේ. අදාළ කරුණ සිදු කිරීමෙන් තොරව එහි නිරතවෙමින් හිඳ, පසුව අත්හැරියේ නම්, ඔහුට කිසිවක් ලියනු ලැබේ. ඔහු එයට නොහැකියාව හේතුවෙන් එය අත් හැරියේ නම් ඔහුගේ චේතනාව ලියනු ලැබේ. ඔහු එය සිදු කළේ නම්, එක් පාපයක් පමණක් ලියනු ලැබේ.