عن عبد الله بن عمرو رضي الله عنهما يبلغ به النبي صلى الله عليه وسلم : «الرَّاحمون يرحَمُهمُ الرحمنُ، ارحموا أهلَ الأرضِ، يرحمْكم مَن في السماءِ».
[صحيح] - [رواه أبو داود والترمذي وأحمد]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටි කරුණක් පිළිබඳව අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "c2">“කරුණාවන්තයෝ වනාහි, රහ්මාන් ඔවුනට කරුණා කරනු ඇත. මිහිකතේ වැසියනට නුඹලා කරුණා කරනු. අහස්හි සිටින්නන් නුඹලාට කරුණා කරනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.

විවරණය

(කරුණාවන්තයෝ) වනාහි, මහපොළොවේ වෙසෙන මිනිසුන් හා සතුන් හට කරුණාවෙන් ත්යාගශීලීභාවයෙන් හා සමගියෙන් ගරු කොට කරුණාව දක්වන්නෝ වෙති. (රහ්මාන් ඔවුනට කරුණා කරනු ඇත) එය ඔහුගේ කරුණාවෙනි. එය ඉතා පැහැදිලිය. ඒ අතරින් ඔවුන් වෙත පරිත්යාගශීලීව කටයුතු කිරීම, ඔවුන් උසස් තත්ත්වයට පත් කිරීම ද ඇතුළත්ය. ප්රතිඵල හිමිවනුයේ අදාළ ක්රියා වර්ගයෙනි. (මිහිකතේ වැසියනට කරුණා කරනු) මෙම පොදු කියමන පැමිණ ඇත්තේ සියලුම වර්ගයේ මැවීම් ඇතුළත් කරමිනි. ඒ අනුව දැහැමි අයට මෙන්ම වැරදිකරුවාටත් මෘග සතුන්ටත් පක්ෂීන්ටත් කරුණාව දැක්විය යුතුය. (අහස්හි සිටින්නන් නුඹලාට කරුණා කරනු ඇත.) අහසෙහි සිටින උත්තරීතර අල්ලාහ් නුඹලාට කරුණාව දක්වනු ඇත. අහසේ ඔහුගේ ආධිපත්යය ලෙස අදහස් කරමින් මෙය අර්ත දැක්වීම සුදුසු නැත. සැබැවින්ම සියලු මැවීම්වලට වඩා අල්ලාහ් ඉහළින් සිටින බව අල් කුර්ආනයේ, සුන්නාහ්වේ හා විද්වතුන්ගේ ඒකමතික අදහස්වල තහවුරු කර ඇත. (අහසේ සිටින්නා) යන අපගේ ප්රකාශයෙන් සැබැවින්ම අහස යනු අවකාශයයි. සැබැවින්ම ඔහු ඒ තුළට පිවිස ඇත යන්නෙන් අදහස් කරන්නේ නැත. අල්ලාහ් උත්තරීතරය ‘ෆී’ -තුළ- යන පදය ‘අලා’ -මත- යන අර්ථයෙන් යෙදී ඇත. එනම් ඔහුගේ සියලු මැවීම්වලට ඉහළින් අහස උඩින් සිටින බවයි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. අල් කුර්ආනය හා සුන්නාව අනුගමනය කරමින් කරුණාව පිහිටිය යුතු යැයි කොන්දේසි පැනවේ. අල්ලාහ් ගෞරවය කර ඇති දෙයක් වෙනුවෙන් දඬුවමක් දීමේදී හෝ සම ප්රතිචාර දැක්වීමේදී හෝ මේ දෙකින් එකකවත් කරුණාව අහෝසි වන්නේ නැත.
  2. අල්ලාහ් ඔහුගේ සියලු මැවීම්වලට ඉහලින් අහසෙහි සිටියි.
  3. උත්තරීතර අල්ලාහ් සතු කරුණාව නම් ගුණාංගය තහවුරු කිරීම.
අමතර