නබි වදන් ලැයිස්තුව

යුදෙව්වන් හා කිතුනුවන්ට අල්ලාහ්ගේ දොසක්ම වේවා! ඔවුන් ඔවුන්ගේ ශාස්තෘවරුන්ගේ සොහොන් දේවස්ථාන බවට පත් කර ගත්තෝය. -ඔවුන් සිදු කළ දැයින් ප්රවේසම් විය යුතුය- එය එසේ නොවී නම්, එතුමාගේ සොහොන් ගැබද බැහැරට ගෙන එන්නට තිබුණි. එනමුත් දේවස්ථානයක් බවට ගැනීම ගැන බිය හේතුවෙන් එසේ නොකළේය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මර්යම්ගේ පුත් ගැන කිතුනුවන් අතිශයෝක්තියෙන් ප්රශංසා කළාක් මෙන් නුඹලා මා සමග අතිශයොක්තියෙන් ප්රශංසා කරමින් කටයුතු නොකරනු. සැබැවින්ම මම ගැත්තෙක්මි. එහෙයින් නුඹලා ‘අල්ලාහ්ගේ ගැත්තා හා ඔහුගේ දුතයා’ යැයි පවසනු.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවරෙකු අල්ලාහ් හැර යම් ආදේශයකට ඇරයුම් කරමින් සිටිය දී මිය ගියේ ද ඔහු අපා ගින්නට පිවිසීය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නියත වශයෙන්ම අල්ලාහ් අපරාධකරුට කල් දෙන්නේය. නමුත් ඔහුව ග්රහණය කළ විට ඔහුව අතහැර නොදමන්නේමය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මා කවර කරුණක් මත එව්වේ ද ඒ කරුණ මතම මා ඔබවත් යැවිය යුතු නොවේද?! යම් පින්තූරයක් වී නම් ඔබ එය විනාශ නොකර හෝ යම් ගෞරවනීය සොහොනක් වී නම් එය සමතලා නොකර හෝ අත් හැර නොදමනු.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සැබැවින්ම මලක්වරුන් වළාවන් අතරට පහළ වී අහසෙහි තීන්දු කරන ලද කරුණු මෙනෙහි කරයි. ෂෙයිතාන් හොරෙන් කන්දී එයට සවන් දෙයි. පසුව ඔහු එය ඉන්ද්රුජාලිකයින් වෙත දන්වා සිටියි. ඔවුන් ඒ සමගම ඔවුන් වෙතින් ද බොරු සියයක් ගොතා පවසති.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවර හෝ ගැත්තකු ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅන්න මුහම්මදන් අබ්දුහූ වරසූලුහු’ -නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත. සැබැවින්ම මුහම්මද් ඔහුගේ ගැත්තා හා ඔහුගේ දූතයා වේ- යැයි තම හදවතින්ම අවංක ලෙස සාක්ෂි දරන්නේ ද අල්ලාහ් ඔහුට අපා ගින්න තහනම් කරනු මිස වෙනෙකක් නොවනු ඇත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සෑම රාත්රියකම අවසාන රාත්රියේ තුනෙන් කොටසක් පවතින විට, අපගේ පරමාධිපතියාණන් මෙලොව අහසට පහළ වී ‘කවරෙකු මා අමතන්නේ ද මම ඔහුට පිළිතුරු දෙමි. කවරෙකු මගෙන් විමසන්නේ ද මම ඔහුට පිරිනමමි. කවරෙකු මගෙන් සමාව අයදින්නේ ද මම ඔහුට සමාව දෙමි.’ යැයි පවසයි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කරුණු පහක් මත ඉස්ලාමය ගොඩ නැගී ඇත.
عربي ඉංග්‍රීසි ස්පැැනිෂ්
ඔබේ දෙමව්පියන් මත ඔබ දිවුරීම සැබැවින්ම අල්ලාහ් ඔබට තහනම් කර ඇත්තේය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
‘අල්ලාහ්ගේ අභිමතය පරිදිත් මේ පුද්ගලයාගේ අභිමතය පරිදිත් විය’ යැයි නොපවසන්න. එනමුත් (පළමුව) ‘අල්ලාහ්ගේ අභිමතය පරිදි හා පසු ව මේ පුද්ගලයාගේ අභිමතය පරිදි විය’ යනුවෙන් පවසන්න.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
බොරුකාරයකු ලෙස අල්ලාහ් මත දිවුරා සිටීම සත්යවාදියෙකු ලෙස ඔහු හැර වෙනත් කෙනෙකු මත දිවුරා සිටීමට වඩා මා වෙත ප්රියමනාපය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මොවුන්ගේ වෙනස කුමක් ද? ස්ථාවර කරුණක දී මෘදු මොළොක් බව සොයති. සැක කරන කරුණක දී ඔවුහු විනාශ වන්නට බලති.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ඔබ අතරින් කිසිවකුගේ අතෙහි ඇති අබ ඇටයක් මෙන් මිස අහස් හත හා මහ පොළොවල් හත මහා කාරුණිකයාණන්ගේ අතෙහි නොවනු ඇත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
දේව රාජ්යය තුළ දේවාසනය මිහිකතේ පාළුකරයක් මත හෙළනු ලැබූ යකඩ මුද්දක් මෙන් මිස නොවනු ඇත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ආසාදනය හෝ අශුභවාදය නැත. නමුත් සුභවාදය මා සතුටු කරවයි. සුභවාදය කුමක්දැයි ඔවුහු විමසුවෝය. ‘දැහැමි වචනය’ යැයි පැවසූහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
‘කිට්ටුවෙන් කටයුතු කරනු. ස්ථාවරව සිටිනු. ඔබ අතරින් කිසිවකු හෝ තම ක්රියාවෙන් පමණක් ජය නොලබන බව දැන ගනු. ඔවුහු අල්ලාහ්ගේ දූතයාණනි, ‘ඔබත් එසේ නොවන්නෙහිදැයි විමසුවෝය. එතුමා: ‘අල්ලාහ්ගේ කරුණාව හා භාග්යය තුළින් ඔහු මා ආවරණය කිරීමෙන් මිස මම ද එසේ නොවන්නෙමි’ යැයි පැවසූහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මම මාගේ ගැත්තා මා ගැන සිතන සිතුවිලි අබියස වෙමි. ඔහු මා මෙනෙහි කරන පරිදි මම ඔහු සමග වෙමි. යැයි උත්තරීතර අල්ලාහ් පැවසීය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ගැත්තෙකු තවත් ගැත්තකුගේ අඩුපාඩු මෙලොවෙහි සඟවන්නේ නම් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔහුගේ අඩුපාඩු සඟවනු ඇත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් අබියස අපි හතක් අටක් හෝ නව දෙනෙක් සිටියෙමු. එවිට එතුමා ඔබලා අල්ලාහ්ගේ දූතයාණන්ට ප්රතිඥා දිය යුතු නොවේ ද යැයි පැවසූහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවරෙකුට දැඩි අවශ්යතාවක් ඇති වී, ඔහු මිනිසුන්ගෙන් එය ඉල්ලා සිටින්නේ නම් ඔහුගේ අවශ්යතාව පිරිමැසෙන්නේ නැත. කවරෙකු එය අල්ලාහ් වෙතින් ඉල්ලා සිටින්නේ ද මතුලොවෙහි හෝ මෙලොවෙහි හෝ පෝෂණය අල්ලාහ් ඔහුට ළඟා කර දෙයි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මාගේ සමූහයාගෙන්, ඔවුනට සිදුවන අත්වැරදීම්, අමතක වීම් හා ඔවුන් යමක් කෙරෙහි බලකරනු ලබන දැයින් අල්ලාහ් මා වෙනුවෙන් සමාව දී ඇත්තේය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අල්ලාහ් කරුණාව කොටස් සියයක් බවට නියම කර; ඉන් අනූ නවයක් ඔහු ළඟ රඳවා ගෙන; එක් කොටසක් පමණක් මහපොළොවට පහළ කළේය. මැවීම් අතර එකිනෙකා කරුණාවෙන් කටයුතු කිරීම ද එම කොටසින් වන්නේය. එය කෙතරම් ද යත් සත්වයා තම පැටියාට යමක් සිදුවනු ඇතැයි බිය වී, උගේ කොර උගෙන් ඔසවා ගැනීම පවා සිදුවනුයේ ඒ හේතුවෙනි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සැබැවින්ම අල්ලාහ් පිවිතුරුය. ඔහු පිවිතුරු දෑ මිස වෙනකක් පිළිගන්නේ නැත. සැබැවින්ම උත්තරීතර අල්ලාහ් කවර නියෝගයක් රසූල්වරුන්ට කර ඇත්තේද එයම දෙවියන් විශ්වාස කරන්නන් හටත් නියෝග කර ඇත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අල්ලාහ් මැවීම් මැවූ කල්හි, සැබැවින්ම මාගේ කරුණාව මාගේ කෝපය අබිබවා යනු ඇත යැයි අර්ෂ් හෙවත් දේව රාජධානියට ඉහලින් ඔහු අබියස ඇති ලේඛනයක ලිවීය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අහෝ ආදම්ගේ දරුව! සැබැවින්ම නුඹ මා ඇරයුම් කර මා කෙරෙහි අපේක්ෂා තබන්නෙහි නම් නුඹෙන් සිදුව ඇති දෑ සඳහා මම නුඹට සමාව දෙමි. එය මා නොසළකා හරිමි. ආදම්ගේ දරුව! නුඹේ පාපකම් අහසේ වළාකුළු උසට ළඟා වුව ද පසුව නුඹ මගෙන් සමාව අයැද සිටින්නේ නම් ද මම නුඹට සමාව දෙමි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අල්ලාහු අක්බර් (අල්ලාහ් අති ශ්රේෂ්ඨය) නුඹ පවසා සිටි මෙය පෙර පැවතුනු පිළිවෙත් වෙති. මාගේ ජීවිතය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. ඉස්රාඊල් දරුවන් මූසාට පැවසුවාක් මෙන් මෙය පවතී.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සැබැවින්ම මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ, අල්ලාහ් හා මා අභිමත කළ පරිදි සිදු විය. යැයි පැවසූහ. එවිට එතුමාණෝ ‘නුඹ අල්ලාහ්ට ආදේශ තබන්නෙහි ද? මාෂා අල්ලාහ් (අල්ලාහ්ගේ අභිමතය පරිදි) යනුවෙන් කරන ප්රකාශය ඔහුට පමණක් විය යුතුය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජනයා අතර දරුණු ලෙස දඬුවම් ලබන අය වනුයේ අල්ලාහ්ගේ මැවීමකට අනුකරණය වන්නෝ වෙති.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ යම් සේනාවකට හෝ හමුදා ගවේශණයකට හෝ නායකයකු පත් කළ විට ඔහුට සහ ඔහු සමග යන මුස්ලිම්වරුනට යහපත් අයුරින් අල්ලාහ් පිළිබඳ මතකයෙන් පසුවන මෙන් උපදෙස් දෙන්නෙකු වූහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ගෞරවය යනු මාගේ යටි සළුවයි. අහංකාරය යනු මාගේ උඩු සළුවයි. එහෙයින් කවරෙකු ඒ දෙකින් කිසිවකින් මා නින්දාටව පත් කළේ ද මම ඔහුට දඬුවම් කරමි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: ආදම්ගේ දරුවා මට බොරු කළේය. ඔහුට එය සුදුසු නොවීය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අල්ලාහ් ගර්භාෂයට මලක්වරයකු පත් කළේය. ඔහු: “පරමාධිපතියාණනි! මෙය ශුක්රානුවකි. පරමාධිපතියාණනි! මෙය ලේ කැටියකි. පරමාධිපතියාණනි! මෙය මස් කැබැල්ලකි.” යැයි පවසයි. එහි මැවීම නිමා කිරීමට අල්ලාහ් අපේක්ෂා කළ විට, “පරමාධිපතියාණනි, පිරිමියෙකු ද එසේ නැතහොත් ගැහැණියකු ද? භාග්ය වන්තයකු ද එසේ නැතහොත් අභාග්යවන්තයෙකු ද? පෝෂණ සම්පත් කුමක් ද? ආයු කාලය කුමක් ද? එලෙස ඔහුගේ මවගේ කුස තුළ ලියනු ලැබේ.”
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අල් කුර්සී හෙවත් රාජාසනය දෙපා අසළ පවතින්නකි. අර්ෂ් හෙවත් රාජධානිය එහි ප්රමාණය නිර්ණය කරන කිසිවකු නැත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සැබැවින්ම යුදෙව්වෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පැමණ: “අහෝ මුහම්මද්! සැබැවින්ම අල්ලාහ් අහස් ඇඟිල්ලක් මත ද මහපොළොවවල් ඇඟිල්ලක් මත ද කඳු ඇගිල්ලක් මත ද ගස් ඇඟිල්ලක් මත ද මැවීම් ඇඟිල්ලක් මත ද රදවා තබමින් පසුව මමයි රජු යැයි ඔහු පවසයි” යනුවෙන් පැවසීය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නියත වශයෙන්ම අල්ලාහ් මෙසේ පවසා ඇත: ‘යමෙක් මාගේ වලි (මිතුරා) ට සතුරුකම් කළේ නම්, මම ඔහුට විරුද්ධව යුද්ධ ප්රකාශ කරමි. මාගේ ගැත්තා, ඔහුට නියම කරනු ලැබූ දැයින් මට වඩාත් ප්රියමනාප දෙයකින් ඔහු මා වෙතට සමීප වෙයි. මා ඔහුට ප්රිය කරන තුරු මාගේ ගැත්තා (අනිවාර්ය නොවන) අමතර ක්රියාවන් තුළින් මා වෙත සමීප වෙමින්ම සිටියි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
එය ගළවා දමනු. සැබැවින්ම එය ඔබට සැකය මිස වෙනත් කිසිවක් වර්ධනය නොකරයි. එය ඔබ මත තිබියදී ඔබ මිය ගියේ නම්, කිසිවිටෙක ඔබ ජය නොලබනු ඇත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
රට ඉඳි කැබැල්ලක් හෝ දන් දී අපා ගින්නෙන් ආරක්ෂා වන්න.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවරෙකු සුර පබළු එල්ලන්නේ ද අල්ලාහ් ඔහුට (ඔහුගේ කාර්යය) සම්පූර්ණ කරන්නේ නැත. කවරෙකු සුර බෙල්ලන් එල්ලන්නේ ද අල්ලාහ් ඔහුට (ඔහුගේ කාර්යය) සැහැල්ලු කරන්නේ නැත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අහෝ රුවෙයිෆඃ! ජීවිතය ඔබට දීර්ගවනු ඇතැයි පෙනේ. තම රැවුල ගෙට ගසා සකසන්නන් හෝ මාල පළදින්නන් හෝ සත්ව අසූචි හා අස්ථිවලින් පිරිසිදු කරගන්නන්හට දන්වනු. සැබැවින්ම මුහම්මද් ඉන් නිදහස් අයෙකි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සැබැවින්ම ලේ ඥාතීත්වය සමීපයෙන් බැඳී පවතින්නකි. රහ්මාන් වන මහාකාරුණිකයාණන්ගේ ඉණෙන් ගනු ලැබූවකි. ඒ සමග සම්බන්ධකම් පවත්වන්නා සමග ඔහු සම්බන්ධකම් පවත්වයි. එය කපා හරින්නා සමග සම්බන්ධකම් කපා හරියි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නුඹ සමග සම්බන්ධකම් පවත්වන්නන් සමග මා සම්බන්ධකම් පැවැත්වීමත් නුඹ සමග සම්බන්ධකම් බිඳ දමන්නන් සමග මා ද සම්බන්ධකම් බිඳ දැමීමත් ගැන නුඹ තෘප්තියට පත් නොවන්නෙහු ද?
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අපගේ පරමාධිපතියාණන් තම කෙණ්ඩය නිරාවරණය කරයි. එවිට දේවත්වය (ඊමාන්) විශ්වාස කළ සෑම මුඃමින්වරයෙක්ම හා මුඃමින්වරියක්ම ඔහුට සුජූද් කරනු ඇත. මුහුණිච්චාවට හා කීර්තියට මෙලොවෙහි සුජූද් කරමින් සිටි සෑම කෙනෙකුම රැඳී සිට, සුජූද් කිරීම සඳහා බැහැර වී යයි. නමුත් ඔහුගේ පිට කොන් ද එකම තැටියක් බවට හැරෙනු ඇත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මස්ජිදයට පිවිසෙන විට, “අඌදු බිල්ලාහිල් අළීම්, වබිවජ්හිහිල් කරීම්, වසුල්තානිහිල් කදීම්, මිනෂ් ෂෙයිතානිර් රජීම් (හෙළා දමන ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව මම සර්වබලධාරී අල්ලාහ්ගෙන් ද ඔහුගේ ගෞරවණීය මුහුණින් ද ඔහුගේ බලවත් අධිකාරියෙන් ද මම ආරක්ෂාව පතමි.) යනුවෙන් ප්රාර්ථනා කරන්නෙකු වූහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නුඹලා සඃද්ගේ එම වැළැක්වීම ගැන පුදුමයට පත් වන්නෙහු ද? අල්ලාහ් මත දිවුරා පවසමි. මම ඔහුට වඩා එය වළක්වන්නෙක්මි. මටත් වඩා අල්ලාහ් එය දැඩිසේ වළක්වන්නාය. අල්ලාහ්ගේ එම වැළැක්වීම හේතුවෙන් අශීලාචාර දැයින් ඉන් මතුවන දෑ ද, එහි අභ්යන්තරයේ ඇති දෑ ද තහනම් කරනු ලැබීය. අල්ලාගේ වැළැක්වීමට වඩා වෙනත් කිසිදු උසස් දෙයක් නැත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අල්ලාහ් දෙවිඳාණන්ට වඩා තමන් සවන් දෙන වේදනාවක් මත ඉමහත්සේ ඉවසන කිසිවෙක් හෝ කිසිවක් හෝ නැත. සැබැවින්ම ඔවුන් ඔහුට දරුවකු ඇතැයි අමතති. නමුත් සැබැවින්ම ඔහු ඔවුනට ආරෝග්යමත්භාවය ලබා දෙයි. ඔවුනට පෝෂණය ලබා දෙයි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ගෞරවනීය පරමාධිපතියාණන් තම පාදය තබන තෙක්ම නිරය ‘අමතර කිසිවෙක් සිටිත් දැ?’යි පවසමින්ම සිටියි. පසුව එය: ‘ප්රමාණවත් ප්රමාණවත් ඔබේ ගෞරවයේ නාමයෙන්’ යැයි පවසයි. පසුව ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු සමග එකතු කර, හසු කර ගනියි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සැබැවින්ම අල්ලාහ් අවම ලෙස දඬුවම් ලබන නිරාවාසීන්හට: “මහපොළොවේ ඇති යමක් ඔබ සතුව තිබුණේ නම් එය වන්දි වශයෙන් පිරිනමන්නෙහි ද?” යැයි විමසයි. එයට ඔහු ‘එසේය’ යැයි පිළිතුරු දෙයි. ඔහු: ‘නුඹ ආදම්ගේ කොඳු ඇට පෙළෙහි සිටියදී මීට වඩා පහසු දෙයක් මම නුඹෙන් ඉල්ලා සිටියෙමි. එනම් නුඹ මට ආදේශ නොකිරීමය. නමුත් නුඹ ආදේශ කිරීම මිස එයට පිටුපෑවෙහිය.”
عربي ඉංග්‍රීසි ප්‍රංශ
“අපගේ පරමාධිපතියාණෙනි, ඔබේ මැවීම් කිසිවකුට ඔබ නොදුන් දෑ සැබැවින්ම ඔබ අපට පිරිනමා ඇත්තෙහිය.” එවිට ඔහු: “මීට වඩා උතුම් දෙයක් මම නුඹලාට පිරිනැමිය යුතු නොවේ ද?” යැයි පවසයි. ඔවුහු: “මීටත් වඩා උතුම් දෑ කුමක්ද?” යැයි විමසති. එවිට ඔහු. “මාගේ පිළිගැනීම / තෘප්තිය නුඹලාට නියම විය. එහෙයින් මින් පසු මම කිසිවිටෙක නුඹලා කෙරෙහි කෝප නොවෙමි.” යැයි පවසයි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නියත වශයෙන්ම නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණෝ අගුණ බලන්නෙකු නොවූහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මෙම රූපය නිර්මාණය කළවුන් වනාහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ වේදනාවට ලක් කරනු ලබති. එමෙන්ම ඔබ නිර්මාණය කළ දෑට පණ දෙනු යැයි ඔවුන් පවසනු ලබති.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සුනඛයෙක් හෝ රූපයක් හෝ තිබෙන නිවෙසකට මලක්වරුන් පිවිසෙන්නේ නැත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නුඹලා පිළිම මත නොදිවුරනු. තවද නුඹලාගේ පියවරුන් මත ද නොදිවුරනු.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මාගේ මේ පාවහන් දෙක ඔබ රැගෙන ගොස්, මෙම බිත්තියට පිටුපසින්, ලා ඉලාහ ඉල්ල්ලලාහු යැයි තම හදවතින් දැඩි විශ්වාසයකින් යුතුව සාක්ෂි දරන්නෙකු ඔබ හමු වූයෙහි නම් ඔහුට ස්වර්ගය පිළිබඳ ශුභාරංචි දන්වනු.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
වළාකුල තුළ මුළා නොවූ දහවලේ හිරු දැකීම නුඹලාට අපහසු වන්නේ ද? ඔවුහු: නැත යැයි පැවසුවෝය. වළාකුල තුළ මුළා නොව් පුර පසළොස්වක සඳ දැකීම නුඹලාට අපහසු වන්නේ ද?
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අල්ලාහ් සතුව සියයට එකක් හැර, නාම අනූ නවයක් ඇත. එය වනපොත් කරන කිසිවෙකු ස්වර්ගයට පිවිසීම හැර වෙනත් කිසිවක් ඔහුට හිමි වන්නේ නැත. ඔහු කේවලය. ඔත්තේ දෑ ඔහු ප්රිය කරයි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අල්ලාහ් විෂයයෙහි සැබැවින්ම මම ඔබට ආදරය කරමි. එවිට ඔහු: ඔබ කවුරුන් වෙනුවෙන් මට ආදරය කළේද ඔහු ඔබට ආදරය කරනු ඇත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
“කවරෙකු අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරන්නෙකු ලෙස සිටින්නේ ද ඔහු තම ආගන්තුකයාට අනුමත කාලයක් ඔහුට සත්කාර කළ යුතුයි. අල්ලාහ්ගේ දූතයාණනි අනුමත කාලය යනු කුමක්දැ?යි ඔවුහු විමසුවෝය. එවිට එතුමා එහි දිනයක් හා රාත්රියක් වේ. ආගන්තුක භාවය දින තුනකි. ඉන් පසුවටත් වී නම් එය ඔහුට සදකාවක් වන්නේය.“ යැයි පැවසූහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නුඹලා මැදිහත් වී පෙනී සිටිනු. නුඹලාට ප්රතිඵල පිරිනමනු ලබනු අැත. අල්ලාහ් ඔහුගේ නබිවරයාගේ දිවෙන් තමන් කැමති දෑ තීන්දු කරනු අැත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
යම් පිරිසකට සමුහයකට දෙවිදුන් වන අල්ලාහ් යහපතක් කිරීමට තිරණය කළේනම් ඒම ප්රඡාවගේ මරණයට පෙර ප්රඡාවට අයත් දූතවරයාගේ ප්රිණය අත්පත් කරගනී මන්ද යනු අවසාන දිනයේ ඔවුන් කෙරෙහි මැදිහත් වී නිර්දේශ කිරීම පිණිස තවත් පිරිසක් මන්ද යන්න ප්රඡාවවිනාශයට පත්වී ප්රඡාවට අයත් දුතවරයා ඡීවත්වී ඔවුහුන් කළ පාපයන් හා දූතවරයාගේ සෑම කර්මයක්ම ප්රතික්ෂේප කළ බැවින් මෙම විනාශයට ඔවුහුන් ප්රාත්රවේ ඒ් මගින් දූතවරයා තෘප්
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සැබැවින්ම අලි -රළියල්ලලාහු අන්හු- තුමා, නැග යන්නට සත්වයකු ගෙන ආහ. එතුමාගේ පාදය එම වාහනයේ තැබූ කල්හි බිස්මිල්ලාහ් යැයි පැවසූහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් රළියල්ලාහු වාර්ථාකරයි නබි තුමා වරක් අෂ්ජ් අබ්දුල් කයිස් කෙරෙහි බලා නියතවම ඔබ සතු සත් ගුණාංග දෙකක් මා දකිමි ඒය තීක්ෂන බුද්ධිය හා ඉවසීමෙන් කටයුතු කිරීමවේ ඒම යහගුණාංගයන් අල්ලාහ් ඉතා ප්රියකරයි යනුවෙන් පැවසීය
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවරෙකු අල්ලාහ් හමුවීමට ප්රිය කරන්නේ ද අල්ලාහ් ද ඔහු හමුවීමට ප්රිය කරයි. කවරෙකු අල්ලාහ් හමුවීමට පිළිකුල් කරන්නේ ද අල්ලාහ් ද ඔහුව හමුවීමට පිළිකුල් කරයි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ඇයගේ දරුවාට දැක් වූ ආදරයට වඩා අල්ලාහ් තම ගැත්තාට ඉතා ආදරවන්තය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අල්ලාහ් ගැත්තෙකු ප්රිය කරන විට ඔහු ජිබ්රීල් තුමා අමතා නියත වශයෙන්ම අල්ලාහ් එම පුද්ගලයා ප්රිය කරන්නේය එහෙයින් ඔබද ඔහුට ප්රිය කරනු.යැයි පවසයි. එවිට ජිබ්රීල් තුමාද ඔහුට ප්රිය කරනු ඇත. පසුව අහස් වැසියන් අතර අමතා නියත වශයෙන්ම අල්ලාහ් එම පුද්ගලයාව ප්රිය කරන්නේය. එහෙයින් ඔබද ඔහු ට ප්රිය කරනු යැයි ඔහු පවසා සිටියි. එවිට අහස් වැසියන්ද ඔහුව ප්රිය කරනු ඇත. පසුව ඔහු වෙනුවෙන් මහපොළොවේ පිළිගැනීම තබනු ලැබේ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ