عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قال:
جَاءَ نَاسٌ مِنْ أَصْحَابِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فَسَأَلُوهُ: إِنَّا نَجِدُ فِي أَنْفُسِنَا مَا يَتَعَاظَمُ أَحَدُنَا أَنْ يَتَكَلَّمَ بِهِ، قَالَ: «وَقَدْ وَجَدْتُمُوهُ؟» قَالُوا: نَعَمْ، قَالَ: «ذَاكَ صَرِيحُ الْإِيمَانِ».

[صحيح] - [رواه مسلم]
المزيــد ...

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සහගාමීන් පිරිසක් පැමිණ එතුමාණන්ගෙන්: සැබැවින්ම අප අතරින් කෙනෙක් ඒ ගැන කතා කිරීමට බරපතල සේ සලකන කරුණු අපගේ සිත් තුළ අපි දකින්නෙමු' යැයි පැවසුවෝය. එතුමාණෝ: "ඇත්තෙන්ම නුඹලා එසේ දකින්නෙහු ද?" යැයි විමසූහ. ඔවුන් "එසේය" යැයි කීවෝය. එවිට එතුමා, "එය ඊමානයේ සුපැහැදිලිතාවයි." යැයි පැවසුහ.

පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සහගාමීන් පිරිසක් එතුමාණන් වෙත පැමිණ, එහි ඇති අප්‍රිය නිසාවෙන් හා ඔවුන් ඒ ගැන පිළිකුල් කරන නිසාවෙන් කතා කිරීමට බැරෑරුම් සේ සලකන සිත් තුළ දකින බරපතල (යම්)කරුණු පිළිබඳ විමසා සිටියෝය. එවිට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සැබැවින්ම ඔබ දුටු දෑ ඊමාන් හෙවත් විශ්වාසයේ ස්ථාවරත්වයේ සුපැහැදිලිතාවයයි. හදවත තුළ ෂෙයිතාන් හෙළන දෑ වැළැක්වීමට එය ඔබට ඉවහල් වෙයි. ඒ පිළිබඳ කතා කිරීම ගැන ඔබ තුළ තිබෙන පිළිකුල්භාවය හා ඔබේ සිත තුළ වූ එහි බරපතලකම මෙය පෙන්වයි. මේ තත්ත්වය සැබැවින්ම ෂෙයිතාන් විසින් පාලනය කරනු ලබන හා ඔහු සමඟ අරගලයක නිරත නොවෙන අයගේ තත්ත්වය මෙන් නොවේ.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු බෙංගාලි චීන පර්සියානු ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. දේවත්වය විශ්වාස කරන්නන් සමග ෂෙයිතාන්ගේ දුර්වලතාවය පැහැදිලි කිරීම. (සිත් තුළ) කෙඳිරීම මිස වෙනත් හැකියාවක් ඔහුට නැත.
  2. සිතට ඇතිවන කෙඳිරීම් සහතික කිරීමෙන් හා පිළිගැනීමෙන් වැළකී සිටිය යුතුය. සැබැවින්ම එය ෂෙයිතාන්ගෙන් වන්නකි.
  3. ෂෙයිතාන්ගේ කෙඳිරීම, දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයාට හානියක් ඇති නොකරයි. නමුත් ඔහුගේ කෙඳිරීමෙන්, අල්ලාහ්ගෙන් ආරක්ෂාව පැතිය යුතුය. තවද ඔහු ඒ විෂයෙහි ඉතා සැලකිලිමත් විය යුතුයි.
  4. තම ආගමික කටයුතු වලදී තමන්ට ඇතිවන ගැටළු සම්බන්ධයෙන් නිහඬ ව සිටීම මුස්ලිම්වරයකුට සුදුසු නොවේ. ඔහු ඒ ගැන විමසා දැනගත යුතු වේ.
අමතර