+ -

عن ابن عباس رضي الله عنهما قال:
جاءَ رجُلُ إلى النبي صلى الله عليه وسلم فقال: يا رسولَ اللهِ، إن أحدنا يجدُ في نفسِهِ -يُعرِّضُ بالشَّيءِ- لأَن يكونَ حُمَمَةً أحَبُّ إليه من أن يتكلَّم بِهِ، فقال: «اللهُ أكبرُ، اللهُ أكبرُ، الحمدُ لله الذي ردَّ كيدَه إلى الوسوسَةِ».

[صحيح] - [رواه أبو داود والنسائي في الكبرى] - [سنن أبي داود: 5112]
المزيــد ...

ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ, "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, අප අතරින් යමෙක් ඔහුගේ සිත තුළ යමක් -ප්‍රදර්ශණය වීම- දකියි. ඒ ගැන කතා කිරීමට වඩා අළු බවට පත් වීම ඔහුට වඩාත් ප්‍රිය ජනකය" යැයි පැවසීය. එවිට එතුමාණෝ: "අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්, අල් හම්දුලිල්ලාහිල්ලදී රද්ද කයිදහූ ඉලල් වස්වසති" (අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය, අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය, ෂෙයිතාන්ගේ කෙඳිරීම හටගත් විගස ඔහුගේ කුමන්ත්‍රණය ඔහු වෙතම යළි හරවා යැවූ තැනැත්තාටම සියලු ප්‍රශංසා) යැයි පැවසූහ.

[පූර්ව සාධක සහිත හදීසයකි] - - [سنن أبي داود - 5112]

විවරණය

මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, සැබැවින්ම අප අතර සිටින ඇතැමුන් තම සිතට ප්‍රදර්ශණය වන ඇතැම් කරුණු දකියි. නමුත් ඒ ගැන කතා කිරීම බරපතළ වේ. එබැවින් එය කතා කිරීමට වඩා තමන් අළු බවට පත්වීම වඩාත් හොඳ යැයි සිතයි." යනුවෙන් පැවසුවේය. දූතයාණන් දෙවරක් "අල්ලාහු අක්බර්" අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය, යැයි තක්බීර් පවසා ෂෙයිතාන්ගේ කෙඳිරීම හටගත් විගස ඔහුගේ කුමන්ත්‍රණය ඔහුටම යළි හරවා යැවීම සම්බන්ධයෙන් එතුමාණෝ අල්ලාහ්ට ප්‍රශංසා කළහ.

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية Yoruba الليتوانية الدرية الصربية الصومالية الطاجيكية Kinyarwanda الرومانية المجرية التشيكية الموري Malagasy الفولانية ඉතාලි Oromo Kannada الولوف البلغارية Azeri اليونانية الأوزبكية الأوكرانية الجورجية اللينجالا المقدونية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. දේවත්වය විශ්වාස කරන්නන් එම විශ්වාසයෙන් දේව ප්‍රතික්ෂේපය වෙත පෙරළන්නට ෂෙයිතාන් ඔවුන් තුළ කොඳුරන්නට මාන බලමින් සිටින බව පැහැදිලි කිරීම.
  2. දේවත්වය විශ්වාස කරන්නන් සමග ෂෙයිතාන්ගේ දුර්වලතාවය පැහැදිලි කිරීම. කෙඳිරීම මිස වෙනත් හැකියාවක් ඔහුට නැත.
  3. මුඃමින්වරයා ෂෙයිතාන්ගේ කෙඳිරීම පිටුදැකිය යුතු අතර එය වළක්වා ගත යුතුය.
  4. යහපත් කටයුතුවල දී හෝ පුදුමය දෙන කටයුතුවලදී හෝ එයට සමාන කටයුතුවලදී තක්බීර් පැවසීම ආගමානුගත කරන ලද්දකි.
  5. මුස්ලිම්වරයකු තමාට ව්‍යාකූල වූ සෑම දෙයක් ගැනම බුද්ධිමතුන්ගෙන් අසා දැන ගැනීමේ නීත්‍යානුකූලභාවය.
අමතර