عَنْ جَابِرٍ رضي الله عنه قَالَ:
أَتَى النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَجُلٌ فَقَالَ: يَا رَسُولَ اللهِ، مَا الْمُوجِبَتَانِ؟ فَقَالَ: «مَنْ مَاتَ لَا يُشْرِكُ بِاللهِ شَيْئًا دَخَلَ الْجَنَّةَ، وَمَنْ مَاتَ يُشْرِكُ بِاللهِ شَيْئًا دَخَلَ النَّارَ»

[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 93]
المزيــد ...

ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, අනිවාර්යය කරවන කරුණු දෙක මොනවාදැ?"යි විමසා සිටියේය. එවිට එතුමාණෝ: "කවරෙකු අල්ලාහ්ට ආදේශ නොකර මිය ගියේ ද ඔහු ස්වර්ගයට පිවිසෙයි. කවරෙකු අල්ලාහ්ට යමක් ආදේශ කර මිය ගියේ ද ඔහු අපා ගින්නට පිවිිසෙයි" යැයි පැවසූහ.

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත] - [صحيح مسلم - 93]

විවරණය

මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් කරුණු දෙකක් පිළිබඳ විමසා සිටියේය: එනම් ස්වර්ගයට පිවිසීම අනිවාර්යය කරන දෑ හා අපා ගින්නට පිවිසීම අනිවාර්යය කරන දෑ ය. එයට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ: ස්වර්ගය අනිවාර්යය කරන කරුණ වනුයේ මිනිසෙක් අල්ලාහ්ට කිසිවක් ආදේශ නොකර, ඔහුට පමණක් නැමදුම් කළ තත්ත්වයේ මිය යාමය. අපා ගින්න අනිවාර්යය කරවන කරුණ වනුයේ මිනිසෙක් අල්ලාහ්ට යමක් ආදේශ කර ඔහුගේ දේවත්වය හෝ පරිපාලනත්වය හෝ ඔහුගේ නාම හා ගුණාංගවල යම් සමානයක් හා ආදේශයක් නියම කිරීමය.

හදීසයේ හරය

  1. දේව ඒකීයවාදයේ මහිමය. කවරෙකු අල්ලාහ්ට කිසිවක් ආදේශ නොකර, ඔහුව විශ්වාස කළ තත්ත්වයේ මිය ගියේ ද ඔහු ස්වර්ගයට ඇතුළු වේ.
  2. දේවත්වය ආදේශ කිරීමේ බරපතලකම. කවරෙකු යමක් අල්ලාහ්ට ආදේශ කරන තත්ත්වයේ මිය ගියේ ද ඔහු අපා ගින්නට ඇතුළු වේ.
  3. දේව ඒකීයත්වය තහවුරු කරන පාපිෂ්ඨයෝ අල්ලාහ්ගේ අභිමතය යටතේ සිටිති. ඔහු අභිමත කළේ නම් ඔහු ඔවුනට දඬුවම් කරයි. ඔහු අභිමත කළේ නම් ඔවුනට ඔහු සමාව දෙයි. පසුව ඔවුන්ගේ ගමන් මඟ ස්වර්ගය වෙත වේ.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (67)
අමතර