عَنْ مُعَاذٍ رَضِيَ اللَّهُ عَنْهُ، قَالَ:
كُنْتُ رِدْفَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى حِمَارٍ يُقَالُ لَهُ عُفَيْرٌ، فَقَالَ: «يَا مُعَاذُ، هَلْ تَدْرِي حَقَّ اللَّهِ عَلَى عِبَادِهِ، وَمَا حَقُّ العِبَادِ عَلَى اللَّهِ؟»، قُلْتُ: اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ، قَالَ: «فَإِنَّ حَقَّ اللَّهِ عَلَى العِبَادِ أَنْ يَعْبُدُوهُ وَلا يُشْرِكُوا بِهِ شَيْئًا، وَحَقَّ العِبَادِ عَلَى اللَّهِ أَنْ لا يُعَذِّبَ مَنْ لا يُشْرِكُ بِهِ شَيْئًا»، فَقُلْتُ: يَا رَسُولَ اللَّهِ أَفَلاَ أُبَشِّرُ بِهِ النَّاسَ؟ قَالَ: «لا تُبَشِّرْهُمْ، فَيَتَّكِلُوا».

[صحيح] - [متفق عليه]
المزيــد ...

මුආද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"උෆෙයිර් නම් බූරුවකු මත නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට පසුපසින් මා වාඩි වී සිටියෙමි. එවිට එතුමාණෝ: අහෝ මුආද්, අල්ලාහ්ට හිමි විය යුතු, තම ගැත්තන් මත පැවරෙන වගකීම හා ගැත්තන්ට හිමි විය යුතු, අල්ලාහ් මත පැවරෙන වගකීම කුමක් දැයි ඔබ දන්නෙහි ද? යැයි විමසුහ. මම: 'අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ඒ ගැන මැනවින් දන්නෝ වෙති' යැයි පැවසුවෙමි. එතුමාණෝ: "අල්ලාහ්ට හිමි විය යුතු, තම ගැත්තන් මත පැවරෙන වගකීම වනුයේ, ඔහුට නැමදුම් කිරීම හා කිසිවක් ඔහුට ආදේශ නොකිරීමය. ගැත්තන්ට හිමි විය යුතු, අල්ලාහ් මත පැවරෙන වගකීම වනුයේ ඔහුට කිසිවක් ආදේශ නොකරන තැනැත්තන් හට දඬුවම් නොකිරීමය" යැයි පැවසූහ. එවිට මම: අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, මා මේ ගැන මිනිසුන්ට ශුභාරංචි දන්වා සිටිය යුතු නොවේ ද? යැයි විමසුවෙමි. එතුමාණෝ: ඔවුනට මේ ගැන ශුභාරංචි දන්වා නොසිටින්න. එවිට ඔවුහු එහිම එල්බගෙන සිටිනු ඇතැ"යි පවසා සිටියහ.

පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

අල්ලාහ්ට හිමි විය යුතු, තම ගැත්තන් මත පැවරෙන වගකීම හා ගැත්තන්ට හිමි විය යුතු, අල්ලාහ් මත පැවරෙන වගකීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිළි කර සිටියහ. අල්ලාහ්ට හිමි විය යුතු, තම ගැත්තන් මත පැවරෙන වගකීම වනුයේ ඔහුට පමණක් ඔවුන් නැමදුම් කිරීම හා කිසිවක් ඔවුන් ඔහුට ආදේශ නොකිරීමය. සැබැවින්ම ගැත්තන්ට හිමි විය යුතු, අල්ලාහ් මත පැවරෙන වගකීම වනුයේ ඔහුට කිසිවක් ආදේශ නොකරන, ඔහුව ඒකීයත්වයට පත් කරන ඔවුන් හට දඬුවම් නොකිරීමය. පසුව මුආද් තුමා මෙසේ පැවසූහ: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, මෙම ආශිර්වාදයෙන් මිනිසුන් සතුටු වනු පිණිසත් ඔවුන් ශුභාරංචි ලබනු පිණිසත් මම ඔවුනට මෙම ශුභාරංචිය දන්වා සිටිය යුතු නොවේ ද?" නමුත් ඔවුන් ඒ මත පමණක් එල්බගෙන සිටිනු ඇතැයි යන බියෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔහුව ඉන් වැළැක්වූහ.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු බෙංගාලි චීන පර්සියානු ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. තම ගැත්තන් වෙත අනිවාර්යය කරන ලද, අල්ලාහ්ට හිමිවිය යුතු වගකීම පැහැදිලි කිරීම. එය ඔහුට පමණක් නැමදීම හා ඔහුට කිසිවක් ආදේශ නොකිරීමය.
  2. උත්තරීතර අල්ලාහ් තමන්ගෙන් වූ භාග්‍යයක් හා ආශිර්වාදයක් ලෙස තමන් වෙත අනිවාර්යය කර ගත් තම ගැත්තන්ට හිමි විය යුතු අයිතිය පැහැදිලි කිරීම. එනම් ඔහු ඔවුන් ස්වර්ගයට ඇතුළු කිරීම හා ඔවුනට දඬුවම් නොකිරීම.
  3. උත්තරීතර අල්ලාහ්ට කිසිවක් ආදේශ නොකර, ඔහු ව ඒකීයත්වයට පත් කරන්නන්ගේ ගමන ස්වර්ගය වෙතැයි අතිමහත් ශුභාරංචියක් මෙහි දක්නට ඇත.
  4. දැනුම වසන් කිරීමේ පාපයට වැටෙනු ඇතැයි යන බියෙන් මුආද් තුමා තමා මිය යන්නට මත්තෙන් මෙම හදීසය දන්වා සිටියහ.
  5. සැබෑ අර්ථය වටහා ගත නොහැකි ජනයා ගැන බියෙන් ඇතැම් හදීස් ඇතැමුන් ඉදිරියේ දන්වා නොසිටිය යුතු බවට අනතුරු ඇඟවීම. එය ඒ යටතේ කිසිදු ක්‍රියාවක් හෝ ෂරීආවෙහි සීමාවක් හෝ නැති දෑහි ය.
  6. දේව ඒකීයත්වය තහවුරු කරන පාපිෂ්ඨයෝ අල්ලාහ්ගේ අභිමතය යටතේ සිටිති. ඔහු අභිමත කළේ නම් ඔවුනට දඬුවම් කරයි. ඔහු අභිමත කළේ නම් ඔවුනට ඔහු සමාව දෙයි. පසුව ඔවුන්ගේ ගමන් මඟ ස්වර්ගය වෙත වේ.
අමතර