عَنِ أَبي عبدِ الرَّحمنِ عبدِ اللهِ بْنِ عُمَرَ بن الخَطَّابِ رَضِيَ اللَّهُ عَنْهُمَا قَالَ: سَمِعتُ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: " بنِيَ الإِسْلاَمُ عَلَى خَمْسٍ: شَهَادَةِ أَنْ لاَ إِلَهَ إِلَّا اللَّهُ وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ، وَإِقَامِ الصَّلاَةِ، وَإِيتَاءِ الزَّكَاةِ، وَحَجِّ البَيتِ، وَصَوْمِ رَمَضَانَ".
[صحيح] - [متفق عليه]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් කළ ප්රකාශයකට තමන් සවන් දුන් බව අබූ අබ්දුර් රහ්මාන් අබ්දිල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කරුණු පහක් මත ඉස්ලාමය ගොඩ නැගී ඇත. ඒනම්: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවට හා සැබැවින්ම මුහම්මද් ඔහුගේ ගැත්තා හා ඔහුගේ දූතයාණන් බවට සාක්ෂි දැරීම, සලාතය විධිමත්ව ඉටු කිරීම, සකාත් පිරිනැමීම, දේව නිවස කරා හජ් වන්දනාවේ යෑම හා රමළාන් මාසයේ උපවාසයේ නිරත වීම.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු උමර් ඉබ්නු අල් කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “කරුණු පහක් මත ඉස්ලාමය ගොඩ නැගී ඇත.” සැබැවින්ම ඉස්ලාමයට උපමාව ගොඩනැගිල්ලකි. සැබවින්ම මෙම කරුණු පහ ගොඩනැගිල්ල ශක්තිමත් කරන කුළුණු පහ මෙනි. එහි මූලිකාංග ඒ මත ස්ථාවර පිහිටා ඇත. පළමුවැන්න: “නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවට සාක්ෂි දැරීමය.” එනම් සැබෑ ලෙසින්ම අල්ලාහ් හැර නැමදුමට සුදුසු වෙනත් කිසිවකු නැත යන්නයි. මෙය ඒකදේව වාදයේ ප්රකාශයයි. මෙයින් තොරව ඉස්ලාමය වලංගු වන්නේ නැත. මෙය මුවින් ප්රකාශ කළ යුතුය. මෙහි අර්ථය වටහා ගත යුතුය. ඉන් අපේක්ෂා කරන පරිදි ක්රියා කළ යුතුය. “සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ ගැත්තා හා ඔහුගේ දූතයාණන් බවට සාක්ෂි දැරීම” මෙයින් අපේක්ෂා කරනුයේ එතුමාණන් කවර කරුණක් දන්වා සිටියේ ද එවායෙහි වාර්තා සම්බන්ධතා අපට නිවැරදි නම් ඒ සියල්ලෙහිම එතුමාණන්ව තහවුරු කිරීම, එතුමා කළ නියෝග අනුගමනය කිරීම, එතුමා තහනම් කළ දැයින් වැළකී සිටීම හා එතුමා ආගමානුගත කළ දැයින් මිස අල්ලාහ්ට නැමදුම් ඉටු නොකිරීමය. දෙවැන්න: ‘සලාතය විධිමත්ව ඉටු කිරීම’ සාක්ෂි ප්රකාශ දෙකෙන් පසුව වඩාත් වැදගත්ම මූලිකාංගය වනුයේ එයයි. දහවල් හා රාත්රි කාලයන්හි පස් වරක් ඉටු කළ යුත්තකි. ඊට හේතුව එය ගැත්තා හා ඔහුගේ පරමාධිපති අතර පවත්වා ගන්නා ශක්තිමත් සම්බන්ධතාවක් වන බැවිණි. සලාතය විධිමත්ව ඉටු කිරීම යනු එය පිහිටා ඇති නියම අයුරින්ම ඉටු කිරීමය. තුන්වැන්න: ‘සකාත් පිරිනැමීම’ සකාත් යනු මූල්යමය වශයෙන් වසරකට වරක් වසර සම්පූර්ණ වූ විටෙක හෝ ඵලදාව නිකුත් වී ඒවා පැහී එහි ලාබය හොඳින් ලැබූ විටෙක ඉටු කරන නැමදුමකි. ඒ අනුව උපවාසය හා හජ් වන්දනාවට පෙර ඉදිරිපත් කර ඇති අතර සලාතයට පසුව එය ගෙනැවිත් ඇත්තේය. සිව්වැන්න: “දේව නිවස කරා හජ් වන්දනාවේ යෑම” එය ශාරීරිකව ඉටු කරන නැමදුමකි. සැබැවින්ම එය මිනිසා ඔහු විසින්ම ඉටු කරන්නක් වේ. එහිදී ඔහු වෙනුවෙන් තවත් කෙනෙකු පෙනී සිටීමට අවසරය ඇත. තවදුරටත් එය මුල්යමය නැමදුමකි. ඊට හේතුව ඒ සඳහා මුදල් හා ගමන් මෙවලම් අවශ්ය වන බැවිනි. පස්වැන්න: “රමළාන් මාසයේ උපවාසයේ නිරත වීම.” උපවාසය තවත් කෙනෙකුට පැවරිය නොහැකි ශාරීරික නැමදුමකි. චේතනාවත් සමග නියමිත කරුණු අතහැර දැමිය යුතු වේ. ඒවා උපවාසය අවලංගු කරන කරුණු වෙති. වසරක එක් මසක් උපවාසය නියැළිය යුතු වන අතර එය රමළාන් මාසයයි. පළමුවැනි මූලිකාංගයෙන් තොරව ඉස්ලාමය වලංගු වන්නේ නැත. දෙවැන්න වන සලාතයත් එලෙසමය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කළ ප්රකාශයකට තමන් සවන් දුන් බව ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරයි. සැබැවින්ම පුද්ගලයකු අතර හා දේව ප්රතික්ෂේපය හා දේව ආදේශය අතර පවතින වෙනස සලාතය අතහැර දැමීමයි.” (මෙය ඉමාම් මුස්ලිම් තුමා ප්රකාශ කර ඇත.) එහි මතුපිට ස්වභාවය එයයි. එයට පටහැනිව වෙනත් කිසිදු පාඩමක වෙනත් කිසිදු මතයක් තහවුරු වී පැමිණ නැත. සලෆ්වරුන්ගේ අවබෝධයට පටහැනිව කරුණු ඉදිරිපත් කරනු ලැබ ඇත. සහාබාවරුන්ගේ ඒකමතික නිවැරදි මතය වනුයේ එය අත් හැරීම දේව ප්රතික්ෂේප කිරීමක් බවයි. අබ්දුල්ලාහ් ඉබ්නු ෂකීක් අල් අකලී තුමා මෙසේ පවසා ඇත්තාහ. මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සහගාමීහු යමක් අතහැරීමෙන් දේව ප්රතික්ෂෙපයක් ලෙස දුටුවේ සලාතය අතහැරීම මිස වෙනත් ක්රියාවක් නොවන බවය.” ඉමාම් තිර්මිදි තුමා එතුමාගේ ‘ජාමිඃ’ හි ද ඉමාම් මිර්වසී තුමා ‘තඃලීම් කද්රි අස්-සලාත්’ හිද එය වාර්තා කර ඇත. ඉතිරි මූලිකාංග තුන වනාහි, කවරෙකු ඒවා අතහරින්නේ ද ඔහුගේ ඉස්ලාමයේ අඩුවක් පවතී. ඔහු අන්ත මුළාවට පත්ව ඇත. භයානක අනතුරක් මත සිටියි. නමුත් වෙනත් මූලාශ්රවලට අදාළව එමගින් ඔහු දේව ප්රතික්ෂේපකයකු බවට පත් වන්නේ නැත.