عن أبي سعيد الخدري رضي الله عنه قال: سمعت رسول الله صلى الله عليه وآله وسلم يقول: «من رأى منكم منكراً فليُغيِّره بيده، فإلم يستطع فبلسانه، فإلم يستطع فبقلبه، وذلك أضعف الإيمان».
[صحيح] - [رواه مسلم]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් අබූ සඊද් අල් කුද්රි තුමා මෙසේ වාර්තා කරන ලදී. “නුඹලා අතරින් කිසිවෙකු පිළිකුල් සහගත දෙයක් දුටුවේ නම් එය ඔහු ඔහුගේ දෑතින් වළක්වත්වා. නමුත් ඔහු (එයට) හැකියාව නොදැරුවේ නම් එය ඔහුගේ දිවෙන් විය යුතුයි. (එයට ද) ඔහු හැකියාව නොදැරුවේ නම් ඔහුගේ හදවතින් විය යුතුය. එය ඊමානයේ ඉතා පහළම තත්ත්වයයි.
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් අබූ සඊද් අල් කුද්රි තුමා මෙසේ පවසා සිටියි. ‘නුඹලා අතරින් කිසිවකු පිළිකුල් සහගත දෙයක් දුටුවේ නම්’ යන ප්රකාශයට කාන්තාවන්, පිරිමින්, දරුවන්, වැඩිහිටියන් යන සියලු දෙනා ඇතුළත් වන්නේය. මෙසේ මෙම දෙසුමට ඇතුළත් වන සෑම කෙනෙකුම ‘මන්’ -කවරෙකු- ‘මින්කුම්’ -නුඹලා අතරින්- යන පද අතරට ඇතුළත් වෙයි. ‘මුන්කර්’ හෙවත් පිළිකුල් සහගත දෑ යනු පැවැත්මෙන්ම අප්රසන්න කටයුතු වේ. මෙය කරුණු දෙකකින් හදුන්වයි. ෂරීආ පිළිවෙත තහනම් කළ දෑ හා බුද්ධිය පෙන්වා දෙන දෑය. නමුත් ෂරීආ පිළිවෙත ගැන වූ වචනයකින් මිස ඔහු මත පාපය පෙළ ගැසෙන්නේ නැත. ‘මඃරූෆ්’ යන යහපත යනු එයට පටහැනිව පිහිටන්නකි. එය අශාවන් හෝ රුචිය සඳහා වූ කරුණක් නොවේ. පසුව සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ තමන්ට වළක්වාලිය හැකි පිළිකුළ වළක්වාලන පියවරවල් පැහැදිළි කළේය. පළමු පියවර වශයෙන් ආරම්භ කළේ තම අතින් යැයි පවසමිනි. අතින් වැළක්වීම යනු අධිකාරි බලය හිමි අයකු සතුය. එසේ නැතහොත් යම් පාලනයක සිටින විට වැළක්වීමට බලය ඇති අයකු සතුය. එසේ පිළිකුල් සහගත දෑ වැළක් වීමේදී ඒ සමාන අයුරින් හෝ ඊට වඩා බලවත් අයුරින් හෝ වැළැක්විය යුතුයි යනුවෙන් පෙළ ගැසී නැත. එබැවින් තම අතින් වැළැක්විය නොහැකි නම් තම දිවෙන් එය සිදු විය යුතුය. එසේ දිවෙන් කරන කතාව ද ඇවිස්සීමකින් තොරව කතා කිරීමට ගැළපෙන මාර්ගයක් ඔස්සේ විය යුතුය. ඒ මත ද මහත් පිළිකුල් සහගත දෑ යනුවෙන් පෙළ ගැසී නැත. එසේ දිවෙන් එය වැළක්වීමට නොහැකි නම් ඔහුගේ හදවතින් එය වෑළැක්විය යුතුයි. එනම් තමන් පිළිකුල් සහගත දෑ ගැන කතා කරන්නේ නම් තමන්ට හිංසාවක් ඇතිවනු ඇතැයි බිය වූ කල එය හදවතින් පිළිකුල් කළ යුතුයි. එය හෙළා දැකිය යුතුයි. එම පිලිකුල් සහගත දෑ ගැන උරණ විය යුතුයි. තමන්ට හැකිනම් එම පිළිකුල් සහගත ස්ථානයෙන් ඉවත් විය යුතුයි. එය දේව විශ්වාසයේ පහළම මට්ටමයි. එනම් දේව විශ්වාසයේ හැඟීම් අතරින් එසේ හැඟීම් ඇති කර ගැනීම අවම මට්ටමේ පවතින්නකි. සැබැවින්ම මෙය ඉටු කරනු ලබන්නට හැකි අවම උත්සහය වන්නේය.