නබි වදන් ලැයිස්තුව

ඔබ අතරින් කිසිවකු හෝ යම් පිළිකුල් සහගත දෙයක් දුටුවේ නම්, ඔහු එය ඔහුගේ අතින් වැළැක්විය යුතුය. (එයට) ඔහු අපොහොසත් වූයේ නම්, එවිට ඔහුගේ දිවෙන් ද (එයට ද) ඔහු අපොහොසත් වූයේ නම්, ඔහුගේ හදවතින් ද විය යුතුය. එය ඊමාන් හෙවත් දේව විශ්වාසයේ අවමම නිලයයි
عربي الإنجليزية الأوردية
ජිහාද් නම් වෑයම අතරින් ශ්‍රේෂ්ඨතම අරගලය වනුයේ අසාධාරණ පාලකයකු ඉදිරියේ කෙරෙන යුක්ති සහගත ප්‍රකාශයයි.”
عربي الإنجليزية الأوردية
“අල්ලාහ්ගේ සීමාවන් තුළ ස්ථාවරව සිටින්නාට හා එහි වැටෙන්නාට උපමාව නැවක (ස්ථානයක් සඳහා) කුසපත් අදින පිරිසක් මෙනි. පසුව ඔවුන්ගෙන් පිරිසක් එහි ඉහළ කොටස ද තවත් පිරිසක් එහි පහළ කොටස ද ලබා ගත්තේය
عربي الإنجليزية الأوردية
එනම්: “සැබැවින්ම ජනයා අපරාධකරුවකු දුටු විට, ඔහුගේ අතින් අල්ලා නොගත්තේ නම්, ඔහු හේතුවෙන් අල්ලාහ් ඔවුන් (සියල්ලට) දඬුවම පොදු කරන්නට පුළුවන.”
عربي الإنجليزية الأوردية
මාගේ ප්රාණය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. නුඹලා යහපත විධානය කළ යුතුයි. අයහපතින් වැළැක්විය යුතුයි. නැතහොත් ඒ හේතුවෙන් අල්ලාහ් නුඹලා වෙත දඬුවමක් එවන්නට පුළුවන. පසුව නුඹලා ඔහු ඇරයුම් කර සිටියද නුඹලාට පිළිතුර දෙනු නොලබනු ඇත.
عربي الإنجليزية الأوردية
සැබැවින්ම බොරු පවසන, අපරාධකම් කරන පාලකයින් මතු බිහිවනු ඇත. එබැවින් කවරෙකු ඔවුන්ගේ බොරුව සම්බන්ධයෙන් ඔවුන්ව සහතික කර ඔවුන්ගේ අපරාධකම්වලට ඔවුනට සහය දෙන්නේ ද ඔහු මගෙන් කෙනෙකු නොවන්නේ ය. මම ද ඔහුගෙන් කෙනෙකු නොවෙමි
عربي الإنجليزية الإندونيسية
සැබැවින්ම අල්ලාහ් ඔහුගේ දූතයාණන් හට අවසර දුන්නේය. නමුත් ඔහු නුඹලාට අවසර දුන්නේ නැත. එසේ මට අවසර දී ඇත්තේ දහවල් කාලයෙන් එක් හෝරාවක් පමණය. පෙර දින එහි පැවතුණු ගරුත්වය මෙන්ම අද දින එහි ගරුත්වය නැවත පැමිණ ඇත. එහෙයින් සහභාගිවී සිටින්නා සහභාගී නොවූවනට දන්වා සිටිය යුතුය.
عربي الإنجليزية الأوردية
සත්‍යය දුටු විටෙක හෝ එය දැනගත් විටෙක ඔබ අතරින් කිසිදු පුද්ගලයකු හෝ මිනිසුනට බියෙන් ඒ ගැන කතා කිරීමෙන් වැළකී නොසිටිය යුතුය
عربي الإنجليزية الإندونيسية