عَنْ أَبِي بَكْرٍ الصِّدِّيقِ رضي الله عنه أَنَّهُ قَالَ: أَيُّهَا النَّاسُ، إِنَّكُمْ تَقْرَؤُونَ هَذِهِ الآيَةَ: {يَا أَيُّهَا الَّذِينَ آمَنُوا عَلَيْكُمْ أَنْفُسَكُمْ لاَ يَضُرُّكُمْ مَنْ ضَلَّ إِذَا اهْتَدَيْتُمْ}، وَإِنِّي سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ:
«إِنَّ النَّاسَ إِذَا رَأَوْا الظَّالِمَ فَلَمْ يَأْخُذُوا عَلَى يَدَيْهِ أَوْشَكَ أَنْ يَعُمَّهُمُ اللَّهُ بِعِقَابٍ مِنْهُ».
[صحيح] - [رواه أبو داود والترمذي والنسائي في الكبرى وابن ماجه وأحمد] - [سنن الترمذي: 2168]
المزيــد ...
අබූ බක්ර් අස්-සිද්දීක් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "අහෝ ජනයිනි! සැබැවින්ම නුඹලා, (අල් මාඉදා හි) 'අහෝ විශ්වාස කළවුනි! නුඹලාව ආරක්ෂා කර ගැනීම නුඹලා සතු කාර්යයකි. නුඹලා යහමඟ ගමන් ගත්තෙහු නම් නොමඟ ගියවුන් නුඹලාට හානි සිදු නොකරනු ඇත...' යන (105 වැනි) පාඨය කියවමින් සිටින්නෙහුය. සැබැවින්ම මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්රකාශයකට සවන් දී ඇත්තෙමි."
එනම්: “සැබැවින්ම ජනයා අපරාධකරුවකු දුටු විට, ඔහුගේ අතින් අල්ලා නොගත්තේ නම්, ඔහු හේතුවෙන් අල්ලාහ් ඔවුන් (සියල්ලට) දඬුවම පොදු කරන්නට පුළුවන.”
[පූර්ව සාධක සහිත හදීසයකි] - - [سنن الترمذي - 2168]
ජනයා මෙම පාඨය කියවමින් සිටි බව අබූ බක්ර් සිද්දීක් (රළියල්ලාහු අන්හු) විසින් දන්වා සිටියි.
“අහෝ විශ්වාස කළවුනි! නුඹලාව ආරක්ෂා කර ගැනීම නුඹලා සතු කාර්යයකි. නුඹලා යහමඟ ගමන් ගත්තෙහු නම් නොමඟ ගියවුන් නුඹලාට හානි සිදු නොකරනු ඇත...” (අල්-මාඉදා: 105)
මෙම පාඨයෙන් ඔවුන් වටහාගත් කරුණ වනුයේ, සැබැවින්ම මිනිසා ඔහුව විධිමත් කර ගැනීමේ පමණක් වෙහෙස දැරිය යුතු බවත් ඉන්පසු නොමග ගිය අයගේ නොමඟ යෑම ඔහුට හානියක් නොවන බවත් යහපත නියෝග කරන මෙන් හෝ අයහපතින් වැළක්වාලන මෙන් හෝ ඔවුන්ගෙන් පතනු නොලබන බවත්ය.
එය එසේ නොවන බව එතුමා ඔවුන් දැනුම්වත් කළේය. සැබැවින්ම, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව ද මෙසේ දන්වා සිටියහ. සැබැවින්ම මිනිසුන් අපරාධකරුවකු දුටු විට, ඔහුව එයින් වැක්වීමට ඔවුනට බලය තිබිය දීත්, ඔවුන් ඔහුව ඔහුගේ අපරාධයෙන් නොවැළැක්වූයේ නම්, ඔහු ඉදිරියේ අපරාධ කරන්නා හා ඒ ගැන නිහඬව සිටින්නා යන සියලු දෙනාටම අල්ලාහ් දඬුවම් කරනු ඇත.