1. මුල් පිටුව
  2. සංස්කරණ
  3. ඇරයුම සහ ස්වෙච්ඡා සේවය

නබි වදනක් මාගේ ප්රාණය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. නුඹලා යහපත විධානය කළ යුතුයි. අයහපතින් වැළැක්විය යුතුයි. නැතහොත් ඒ හේතුවෙන් අල්ලාහ් නුඹලා වෙත දඬුවමක් එවන්නට පුළුවන. පසුව නුඹලා ඔහු ඇරයුම් කර සිටියද නුඹලාට පිළිතුර දෙනු නොලබනු ඇත.

عن حذيفة بن اليمان رضي الله عنهما عن رسول الله صلى الله عليه وسلم أنه قال: «وَالَّذِي نَفسِي بِيَدِه، لَتَأْمُرُنَّ بِالمَعرُوف، وَلَتَنهَوُنَّ عَنِ المُنْكَر؛ أَو لَيُوشِكَنَّ الله أَن يَبْعَثَ عَلَيكُم عِقَاباً مِنْه، ثُمَّ تَدعُونَه فَلاَ يُسْتَجَابُ لَكُم».

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බවට හුදෙයිෆා ඉබ්නු අල් යමානි (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. “මාගේ ප්රාණය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. නුඹලා යහපත විධානය කළ යුතුයි. අයහපතින් වැළැක්විය යුතුයි. නැතහොත් ඒ හේතුවෙන් අල්ලාහ් නුඹලා වෙත දඬුවමක් එවන්නට පුළුවන. පසුව නුඹලා ඔහු ඇරයුම් කර සිටියද නුඹලාට පිළිතුර දෙනු නොලබනු ඇත.”

හසන් ගණයට අයත් හදීසයකි ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත

විවරණය

“මාගේ ප්රාණය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි.” යන එතුමාගේ ප්රකාශය වනාහි, මෙය දිවුරුමකි. එහිදී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා දිවුරා සිටියේ අල්ලාහ් මතය. ඊට හේතුව ඔහුගේ ගැත්තන්ගේ ආත්මාවන් ඔහු සන්තකයේ ඇති බැවිණි. ඔහු අභිමත කළේ නම් ඒවාට මග පෙන්වනු ඇත. ඔහු අභිමත කළේ නම් ඒවා මුළාවට පත් කරනු ඇත. ඔහු අභිමත කළේ නම් ඒවා මරණයට පත් කරනු ඇත. ඔහු අභිමත කළේ නම් ඒවා රඳවා තබනු ඇත. සියලු ආත්මාවන්ට මග පෙන්වීම, ඒවා නොමග යන්නට ඉඩ හැරීම, ඒවා ජීවත් කරවීම හා මරණයට පත් කිරීම යනාදී සෑම කටයුත්තක්ම සැලසුම් කරමින් හා ක්රියාත්මක කරමින් ඒවා හසුරවීමේ බලය පවතිනුයේ ඔහුගේ අතෙහිය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි. “ආත්මය හා එය සැකසූ දෑ මත දිවුරමින්. එයට එහි නපුරුද එහි බැතිමත්බව ද අපි හෙළුවෙමු” සියලු ආත්මාවන් අල්ලාහ්ගේ සන්තකයේ පමණක් පවතී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා එලෙස දිවුරා සිටියේ එබැවිනි. ‘මාගේ ප්රාණය කවුරන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරමින්’ යනුවෙන් එතුමා බොහෝ වාරයක් දිවුරා ඇත. ඇතැම් විට එතුමා මුහම්මද්ගේ ප්රාණය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි යැයි පවසා සිටියි. ඊට හේතුව මුහම්මද් (සල්ලලාහු අලයිහි වසල්ලම්) තුමාගේ ප්රාණය ප්රාණ අතරින් වඩාත් පිරිසිදු ප්රාණය වන බැවිණි. එසේ ආත්මාවන් අතරින් එතුමාගේ ආත්මය වඩාත් පිරිසිදු බැවින් ඒ මත දිවුරා ඇත. පසුව දිවුරා පවසන ලද දෑ මෙනෙහි කර සිටියේය. එනම් යහපත විධානය කරමින් හා අයහප වළක්වමින් අප කටයුතු කිරීමය. එසේ නැතහොත් අල්ලාහ් අබියසින් වන දඬුවම අප සියලු දෙනාටම පොදු වනු ඇත. පසුව අපි ඔහු ඇරයුම් කර සිටිය ද අපට පිළිතුරු නොලැබෙනු ඇත. මෙය සලාතය, සකාත්, යුතුකම් ඉටු කිරීම වැනි යහපත් දෑ විධානය කිරීමේ වැදගත් කම පැහැදිලි කරන්නක් මෙන්ම දුරාචාරය, පොළිය සෙසු තහනම් කරන ලද දෑ වැනි පිළිකුල් සහග දැයින් වැළැක්වීමේ වැදගත් කම පැහැදිලි කරන්නකි. තම නිවසේ පියා, විනිශ්චය කරු, පොලිසිය වැනි අධිකාරී බලය ඇත්තන් එය ක්රියාවෙන් සිදු කරයි. එසේ නැතහොත් වචනයෙන් සිදු කරයි. එය සියලු දනන්හට පොදු වූවකි. එසෙත් නැතහොත් එවන් පිළිකුල් සහගත ස්ථානයෙන් වෙන්ව යමින් හදවතින් එය වරදක් ලෙස සිතයි. එය අදාළ වනුයේ ක්රියාවෙන් හෝ වචනයෙන් හෝ හෙළා දකින්නට හැකියාවක් නොමැති උදවියටය.

අර්ථ කථන නිරීක්ෂණය

17 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
PT Português البرتغالية
SW Kiswahili السواحيلية