عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه عَنِ النَّبِيِّ صلى الله عليه وسلم قَالَ:
«لَا يَقْبَلُ اللهُ صَلَاةَ أَحَدِكُمْ إِذَا أَحْدَثَ حَتَّى يَتَوَضَّأَ».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 6954]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
“ඔබ අතරින් කිසිවකු හෝ කිලිටි තත්ත්වයට පත් විට වුළූ හෙවත් අර්ධ ධෝවනය කරනා තෙක් ඔහුගේ සලාතය අල්ලාහ් පිළිගන්නේ නැත.”

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 6954]

විවරණය

පිරිසිදුකම සලාතය වලංගු වීම සඳහා වන කොන්දේසි අතරින් එකක් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිළි කළහ. සලාතය ඉටු කිරීමට අපෙක්ෂා කරන්නා, මළ පහ කිරීම හෝ මූත්‍රා කිරීම හෝ නින්දට වැටීම වැනි වුළූ ධෝවනය අවලංගු කරවන කරුණු අතරින් යමක් හට ගත්තේ නම්, වුළූ ගැනීම ඔහුට අනිවාර්යය වන්නේය.

හදීසයේ හරය

  1. කිලිට තත්ත්වයට පත්වූ අයකුගේ සලාතය, මහා කිලිටි තත්ත්වයක් නම් ස්නානය කිරීම තුළින් හා සුළු කිලිටි තත්ත්වයක් නම් වුළූ කිරීම තුළින් පිරිසිදු වන තෙක් පිළිගනු නොලැබේ.
  2. වුළූ යනු ජලයෙන් මුඛය සෝදා බැහැර කොට එයින්ම නාසය අභ්‍යන්තරයට යවා පිටතට ගෙන ඉසීම, පසුව තුන් වරක් තම මුහුණ සේදීම, පසුව තුන් වරක් තම දෙඅත් වැළමිට දක්වා සෝදා හැරීම, පසුව ඔහුගේ මුළු හිසම එක් වරක් පිසදැමීම, පසුව දෙපා වළලු කර සමග තුන් වරක් සේදීමය.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (56)
අමතර