عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«إِذَا تَوَضَّأَ أَحَدُكُمْ فَلْيَجْعَلْ فِي أَنْفِهِ ثُمَّ لِيَنْثُرْ، وَمَنِ اسْتَجْمَرَ فَلْيُوتِرْ، وَإِذَا اسْتَيْقَظَ أَحَدُكُمْ مِنْ نَوْمِهِ فَلْيَغْسِلْ يَدَهُ قَبْلَ أَنْ يُدْخِلَهَا فِي وَضُوئِهِ، فَإِنَّ أَحَدَكُمْ لاَ يَدْرِي أَيْنَ بَاتَتْ يَدُهُ».
ولفظ مسلم: «إِذَا اسْتَيْقَظَ أَحَدُكُمْ مِنْ نَوْمِهِ فَلَا يَغْمِسْ يَدَهُ فِي الْإِنَاءِ حَتَّى يَغْسِلَهَا ثَلَاثًا، فَإِنَّهُ لَا يَدْرِي أَيْنَ بَاتَتْ يَدُهُ».
المزيد
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:
“ඔබ අතරින් කිසිවකු වුළුෑ ගන්නා විට ඔහුගේ නාසය තුළට ජලය ගෙන ගොස් පසු ව නාසය සීරා පිරිසිදු කළ යුතුය. ඔබ අතරින් කිසිවකු (තම ශාරීරික අවශ්යතා ඉටු කිරීමෙන් පසු පිරිසිදු කිරීම සඳහා) ගල් භාවිත කරන්නේ ද ඔහු ඔත්තේ සංඛ්යාවක් භාවිතා කළ යුතුය. ඔබ අතරින් කිසිවකු නින්දෙන් අවදි වූ විට තම දෙඅත් ජල භාජනයට දැමීමට පෙර සෝදා ගත යුතුයි. හේතුව සැබැවින්ම රාත්රියේ තම දෑත් පිහිටියේ කොතැනකදැ?යි ඔබ කිසිවෙකු නොදන්නා බැවිනි.” මුස්ලිම් හි සඳහන් තවත් ප්‍රකාශයක: "ඔබ කිසිවෙකු හෝ නින්දෙන් අවදි වූ විට, ඔහු තම අත තුන්වරක් සෝදා හරින තෙක් භාජනය තුළට නො ගිල්විය යුතුය. සැබැවින්ම ඔහුගේ අත රාත්‍රියේ තිබුණේ කොතැනක දැයි නොදන්නා බැවිනි."