عن عبد الله بن عباس رضي الله عنهما قال: دَفَعَ النبيُّ -صلَّى الله عليه وسلَّم- يومَ عَرَفَة فَسَمِعَ النبيُّ -صلَّى الله عليه وسلَّم- وَرَاءَهُ زَجْرًا شَدِيدًا وَضَربًا وَصَوتًا لِلإِبِل، فَأَشَارَ بِسَوطِهِ إِلَيهِم، وقال: «يَا أَيُّهَا النَّاسُ، عَلَيكُم بِالسَّكِينَةِ، فَإِنَّ البِرَّ لَيسَ بِالإيضَاعِ».
[صحيح] - [متفق عليه: رواه البخاري بلفظه تاما، وأما مسلم فأخرج «عليكم بالسكينة»]
المزيــد ...

අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා අරෆා දින ගමන් ඇරඹීය. එවිට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමණන් තම පසුපසින් දැඩි ලෙස ඵලවා හැරීමකට පහර දීමකට ඔටුවාගේ හඬකට සවන් දෙන්නට විය. එවිට තම කසය ඔවුන් වෙත දිගු කොට “අහෝ ජනයිනි, ඔබ තැන්පත්කම රකිත්වා හේතුව සැබැවින්ම යහපත ඉක්මන්කමින් සිදු නොවන්නකි.“ යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණන් අරෆාවෙහි සිට පිටත්ව ගියහ. එවිට එතුමා පිටුපසින් දැඩි හඬකට ඔටුවන් පලවාහරින ශබ්දයකට හා ඔටුවන්ගේ කෑගැසිල්ලට සවන් දෙන්නට විය. ජනයා අතර වූ එම දර්ශනය අඥාන යුගයේ ඔවුන් ක්රියා කළ ආකාරයේ ප්රතිඵලයක් විය. හේතුව අඥාන යුගයේ අරෆාවෙන් පිටත්ව ගිය විට අහස අඳුරුවන්නට පෙර දහවල් කාලයේම ඉතා ඉක්මණින් වේගයෙන් යන්නට වූහ. එහෙයින් ඔවුන් දැඩි ලෙස ඔටුවන්ට පහර දුන්හ. එවිට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඔවුන් වෙත තම කසය දිගු කර පෙන්වා : “අහෝ ජනයිනි, තැන්පත්කම හා සන්සුන්බව පිළිපඳිනු. හේතුව සැබැවින්ම උපකාරය හා යහපත යනු ඉක්මන්වීමෙන් හෝ හදිසියෙන් සිදු කරන්නක් නොවේ. යැයි පැවසූහ. මෙහි ඊලා නම් අරාබි පදය ඉක්මණින් ගමන් කිරීමේ ක්රමයක් පෙන්වා දෙයි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම කුර්දි හවුසා
අර්ථ කථන නිරීක්ෂණය
අමතර