عن أنس بن مالك رضي الله عنه قال: قَال أَبُو بَكر لِعُمَر رضي الله عنهما بَعْدَ وَفَاةِ رَسُول الله صلى الله عليه وسلم : انْطَلِق بِنَا إِلَى أُمِّ أَيمَنَ -رَضِي الله عنها- نَزُورُهَا كَمَا كَانَ رَسول الله صلى الله عليه وسلم يَزُورُها، فَلَمَّا انتَهَيَا إِلَيهَا، بَكَت، فَقَالاَ لَهَا: مَا يُبكِيك؟ أَمَا تَعْلَمِين أَنَّ ما عِنْد الله خَيرٌ لِرَسول الله صلى الله عليه وسلم ؟ فَقَالَت: مَا أَبْكِي أَنْ لاَ أَكُون أَعلَم أَنَّ مَا عِندَ الله تعالى خَيرٌ لِرَسُول الله صلى الله عليه وسلم ، وَلَكِن أَبكِي أَنَّ الوَحي قَدْ انْقَطَع مِنَ السَّمَاء؛ فَهَيَجَتْهُمَا عَلَى البُكَاء؛ فَجَعَلاَ يَبْكِيَان مَعَهَا.
[صحيح] - [رواه مسلم]
المزيــد ...
අනස් ඉබ්නු මාලික් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා මරණයට පත් වූ පසුව අබූ බක්ර් තුමා උමර් තුමා දෙස බලා: “අපි උම්මි අය්මන් -රළියල්ලාහු අන්හා- තුමිය වෙත ගොස් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඇයව මුණ ගැසුණාක් මෙන් අපද මුණ ගැසෙමු.“ යැයි පැවසූහ. අනතුරුව ඔවුන් දෙදෙනා එතුමිය වෙත ගිය කල්හි, එතුමිය අඬන්නට විය. එවිට ඔවුන් දෙදෙනා එතුමියගෙන්: “ඔබ අඬන්නට සැළැස්වූයේ කළේ කුමක්ද? අල්ලාහ් අබියස අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාට ඇති යහපත ගැන ඔබ දන්නවා නොවේද? යැයි විමසා සිටියෝය. එවිට ඇය: අල්ලාහ් අබියස අල්ලාහ්ගේ දූතයාණන්ට ඇති යහපත කුමක්දැයි නොදැන සිටීම ගැන මම නොඅඬමි. නමුත් අහසින් වහී පහළ වීම නතර විය. එවිට ඇය ඔවුන් දෙදෙනාද අඬන්නට සැළැස්වූවාය.ඔවුන් දෙදෙනාද ඇය සමඟ අඩන්නට වූහ.
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත]
සහාබාවරු අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- කළ කුඩා හෝ විශාල දෙයක් වුවද ඒවා අනුගමනය කිරීමෙහි ලා මිනිසුන් අතුර වඩාත් ආශාවක් දැක්වූවෝ වූහ. එතුමාගේ ජීවිතයේ එතුමා ඇවිද ගිය ආකාරය එතුමා වාඩිවූ ආකාරය එතුමා පය තැබූ ආකාරය වැනි එතුමා සිදු කළ බවට ඔවුන් දැනගත් සියල්ල අනුගමනය කරන තරමටම විය. මෙම හදීසය ඒ ගැන තරයේ ප්රකාශ කර සිටියි. අබූ බක්ර් හා උමර් තුමා නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා මුණ ගැසුණ කාන්තාව මුණ ගැසෙන්නට ගිය කතා වස්තුව ප්රකාශ කරයි. ඔවුන් දෙදෙනා ඇයව හමුවූයේ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඇය මුණ ගැසුණු හේතුව මුල් කර ගනිමිනි. දෙදෙනාම ඇය අබියස සිටි විට ඇය අඬන්නට වූවාය. එවිට ඔවුන් දෙදෙනා: ඔබ මෙසේ අඬන්නට පත් කළේ කුමක්ද? අල්ලාහ් අබියස ඔහුගේ දූතයාණන්ට ඇති යහපත ඔබ දන්නවා නොවේද? යැයි විමසා සිටියහ. එවිට ඇය: සැබැවින්ම මම ඒ හේතුවෙන් නොඅඬමි. නමුත් මම අඬන්නේ වහී (දේව පණිවිඩ) නතර වූ හේතුවෙනි. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා මිය ගිය කල්හි වහී නතර විය. අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් පසුව වහී නැත. එතුමා මරණයට පත්වන්නට පෙර අල්ලාහ් එමගින් ඔහුගේ ආගම සම්පූර්ණ කළේය. අල්ලාහ් මෙසේ පවසා සිටියි. “අද දින මම නුඹලාට නුඹලාගේ දහම සම්පූර්ණ කළෙමි. තවද මාගේ ආශිර්වාදයන් මම නුඹලාට පූර්ණව දායාද කළෙමි. තවද දහමක් ලෙසින් මම නුඹලාට ඉස්ලාමය පිළිගත්තෙමි.“ (මාඉදා:3) එය, දෙදෙනා අඬන්නට පත් කළේය. හේතුව ඔවුන් දෙදෙනාට අමතක වී තිබූ දෙයක් ඇය ඔවුන් දෙදෙනාට මතක් කර සිටි බැවිනි.