عن أنس بن مالك رضي الله عنه : أنَّ رسول الله صلى الله عليه وسلم حَجَّ على رَحْلٍ وكانتْ زَامِلَتَهُ.
[صحيح] - [رواه البخاري]
المزيــد ...

අනස් ඉබ්නු මාලික් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි.“නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ඔටු පිට මත හජ් වන්දනා ඉටු කළහ. එතුමාගේ පොදි එහි විය.“
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.

විවරණය

නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාණන්- ඔටු පිට මත හජ් ඉටු කළහ. එහි ඔටු පිට මත තබන ලද දෝලාවක් නොවීය. එමෙන්ම එතුමාගේ ආහාර හා පොදි ඔසවාගෙන යන වෙනත් ඔටුවකු ද නොවීය. එතුමා එය එම ඔටුවා මතම තබා ගත්හ. එතුමාගේ චාම් ගතිය හා මෙලොව පිළිබඳ වූ අල්පකම මෙය පෙන්වා දෙයි. හජ් සඳහා උසස් ගණයේ සතුන් මත ගමන් කිරීම තහනම් යන්න මෙම හදීසය පෙන්වා නොදෙයි. නමුත් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණන්ව පිළිපැදීමක් වශයෙන් හජ් වන්දනාව සුඛෝපභෝගී හා සැප පහසුකම අඩු ගමනක් වීම වඩාත් උතුම්ය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම හවුසා මලයාලම් දමිළ
අර්ථ කථන නිරීක්ෂණය
අමතර