عن عمر بن الخطاب رضي الله عنه «أنَّه جَاء إِلى الحَجَر الأَسوَدِ، فَقَبَّلَه، وقال: إِنِّي لَأَعلَم أَنَّك حَجَرٌ، لا تَضُرُّ ولا تَنفَعُ، ولَولاَ أَنِّي رَأَيتُ النبيَّ -صلَّى الله عليه وسلَّم- يُقَبِّلُك مَا قَبَّلتُك».
[صحيح] - [متفق عليه]
المزيــد ...

උමර් ඉබ්නු කත්තාබ් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “නියත වශයෙන්ම එතුමා හජරුල් අස්වද් (හෙවත් කඃබාවෙහි තැන්පත් කොට ඇති ගල) වෙත පැමිණ එය සිප ගෙන ‘නියත වශයෙන්ම ඔබ ගලක් බව මම මැනවින් දනිමි. හිංසාවක් කිරීමට හෝ ප්රයෝජනයක් ගෙන දෙන්නට හෝ ඔබට නොහැක. නබි-සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- තුමා ඔබ ව සිප ගනු මා නොදුටුවේ නම් මම ඔබ සිප නොගනිමි’ යැයි පැවසුවේය.“
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

ස්ථානය, කාලය හා වෙනත් දෑහි ස්වභාවය මුල් කරගෙන නැමදුම් කිරීම තුළින් ඒවා පූජනීය බවට පත් නොවන්නේය. එයට එසේ යම් ස්ථානයක් හිමි වනුයේ ආගමානුකූලවය. එහෙයින් උමර් ඉබ්නු කත්තාබ් -රළියල්ලාහු අන්හු- තුමා හජරුල් අස්වද් ගල වෙත පැමිණ, පිළිමවලට වන්දනාමාන කරමින් ඒවාට ගරුබුහුමන් කරමින් සිටි හජ්වන්දරනාකරුවන් අතර එතුමා එයට සිඹින විට, එම ගලෙහි ගරුත්වය නිසාවෙන් තමන් එම ගලට නොසිඹින බවත් ගලට යම් ප්රයෝජනයක් කිරීමට හෝ යම් හිංසාවක් කිරීමට හෝ නොහැකි බවත් සැබැවින්ම එය ආගමානුගත කළ අය-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්-විසින් දන්වා සිටි නැමදුමක් බවත් එතුමා සිපගනු තමන් දුටු බවත් එහෙයින් තමන් ද එය සිපගත් බවත් දන්වා සිටියේය. එය අනුගමනය කිරීමක් වශයෙන් මිස නවක සිදුවීමක් හෝ අදහසක් අනුව නොවන බවත් පවසා සිටියේය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම කුර්දි පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර