උප-ප්‍රවර්ග

නබි වදන් ලැයිස්තුව

සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අන්සාර් වරුන් විෂයයෙහි මෙසේ පැවසූහ. ‘දේවත්වය විශ්වාස කළ අයකු හැර වෙනත් කිසිවෙක් ඔවුනට ආදරය කරන්නේ නැත. කුහකයෙකු හැර වෙනත් කිසිවකු ඔවුන් සමග උරණ වන්නේ නැත. කවරෙකු ඔවුනට ආදරය කරන්නේ ද අල්ලාහ් ඔහුට ආදරය කරනු ඇත. කවරෙකු ඔවුන් සමග උරණ වන්නේ ද අල්ලාහ් ද ඔහු සමග උරණ වනු ඇත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කයිබර් දිනයේ සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙසේ ප්රකාශ කළහ. “අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව ප්රිය කරන මිනිසෙකුට මෙම ධජ පතාකය සැබැවින්ම පිරිනමනු ලැබේ. ඔහුගේ දෑතින් අල්ලාහ් ජයග්රහණය ඇති කරයි.”
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නියත වශයෙන්ම එතුමා හජරුල් අස්වද් (හෙවත් කඃබාවෙහි තැන්පත් කොට ඇති ගල) වෙත පැමිණ එය සිප ගෙන ‘නියත වශයෙන්ම ඔබ ගලක් බව මම මැනවින් දනිමි. හිංසාවක් කිරීමට හෝ ප්රයෝජනයක් ගෙන දෙන්නට හෝ ඔබට නොහැක. නබි-සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- තුමා ඔබ ව සිප ගනු මා නොදුටුවේ නම් මම ඔබ සිප නොගනිමි’ යැයි පැවසුවේය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
උත්තරීතර අල්ලාහ් අබියස ඇති දෑ ඔබ දන්නෙහු නම් දිළිඳුකම හා අවශ්යතා වැඩිවීම ගැන ඔබ ප්රිය කරනු ඇත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මුඅත්තා යුද දිනයේ මාගේ අතෙහි අසිපත් නවයක් සැබැවින්ම කැඩී ගියේය. යමන් දේශයේ කඩුවක් හැර වෙන කිසිවක් මාගේ අතෙහි ඉතිරි වූයේ නැත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ