عن جابر رضي الله عنهما قال: قال رسول الله صلى الله عليه وسلم:
«لن يدخلَ النارَ رجلٌ شَهِد بدرًا والحُدَيْبِيَة».
[صحيح] - [رواه أحمد، وأصله في صحيح مسلم] - [مسند أحمد: 15262]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු ජාබිර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"බද්ර් (සටනට) හා හුදෙයිබිය්යා (ගිවිසුමට) සහභාගී වූ මිනිසා කිසිවිටෙකත් අපා ගින්නට ප්‍රවේශ වන්නේ නැත."
[පූර්ව සාධක සහිත හදීසයකි] - [අහ්මද් එය වාර්තා කර ඇත] - [مسند أحمد - 15262]
හිජ්රි දෙවැනි වසරේ සිදුවු බද්ර් යුද්ධයට, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග එක්ව සටන් කරමින් සහභාගී වූ අය හා හුදෙයිබිය්යා ගිවිසුමට සහභාගී වූ අය කිසිවිටෙකත් අපා ගින්නට පිවිසෙන්නේ නැති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. හිජ්රි හය වැනි වසරේ සිදු වූ බය්අතුල් රිළ්වාන් ද එහි ඇතුළත් වේ.