+ -

عَنْ أَبِي سَعِيدٍ الخُدْرِيِّ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: قَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«لاَ تَسُبُّوا أَصْحَابِي، فَلَوْ أَنَّ أَحَدَكُمْ أَنْفَقَ مِثْلَ أُحُدٍ ذَهَبًا مَا بَلَغَ مُدَّ أَحَدِهِمْ، وَلاَ نَصِيفَهُ».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 3673]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"මාගේ මිතුරන් හට (සහාබාවරුන්) නින්දා නොකරන්න, ඔබ අතරින් කෙනෙකු උහුද් තරම් රත්තරන් වියදම් කළ ද ඔවුන් කිසිවකුගේ 'මුද්දු'හි ප්‍රමාණයට හෝ ඉන් අඩකට හෝ ළඟා විය නොහැක. "

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 3673]

විවරණය

සහාබාවරුන්ට දොස් නැගීමෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වැළැක්වූහ. විශේෂයෙන්ම ආරම්භක මුහාජිර් හා අන්සාර් සහාබිවරුන් විෂයයෙහි සැලකිලිමත් විය යුතුය. එතුමාණන් තවදුරටත් මෙසේ දන්වා සිටියහ: "ජනයා අතරින් කිසිවෙකු හෝ උහද් කන්ද තරම් රන් වැය කර තිබුණ ද, කිසියම් සහාබිවරයකු වැය කළ ආහාර මුද්දුවක හෝ ඉන් අඩක ප්‍රමාණයක කුසල් ඔහු වෙත ලඟා වන්නේ නැත. "අල්-මුද්දු" යනු සාමාන්‍ය ශරීර මැවීමක් සහිත මිනිසෙකුගේ දෝත පිරෙන්නෙට ඇති ප්‍රමාණය වේ.- එය ඔවුන්ගේ අවංක භාවය, ඔවුන්ගේ චේතනාවේ අව්‍යාජභාවය, ඔවුන් වැය කිරීමට ඉදිරිපත් වීම, අවශ්‍යම අවස්ථාවන්හි මක්කා ජයග්‍රහණයට පෙර ඔවුන් යුද වැද තිබීම."

හදීසයේ හරය

  1. සහාබාවරුන්ට දොස් නැගීම තහනම් මෙන්ම එය මහා පාපයන්ගෙන් එකකි.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ඉන්දුනීසියානු ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි පශ්ටු ආසාමි السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية الصربية Kinyarwanda الرومانية المجرية التشيكية الموري Malagasy الولوف الأوكرانية الجورجية المقدونية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර