عن عبد الله بن عمر رضي الله عنهما قال: ((رَقيت يومًا على بيت حفصة، فرَأَيتُ النبيَّ -صلَّى الله عليه وسلَّم-يَقضِي حاجته مُسْتَقبِل الشام، مُسْتَدبِر الكعبة)). وفي رواية: ((مُسْتَقبِلا بَيتَ المَقدِس)) .
[صحيح] - [متفق عليه]
المزيــد ...

අබ්දුල්ලාහ් ඉබ්නු උමර් ඉබ්නු අල්-කත්තාබ් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“දිනක් මම හෆ්සාගේ නිවසට ගොඩ වූයෙමි. එවිට නබිතුමාණෝ සිරියා දේශයට මුහුණලාමින් ද කඃබා දෙසට පසුපසලාමින් ද තම (කැසිකිළි) අවශ්යතා ඉටු කරනු දුටුවෙමි.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හුමා- තුමා, තම සහෝදරිය වූ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ බිරිය හෆ්සාගේ නිවස වෙත පැමිණ, ඇයගේ නිවසට උඩින් නැග සිටි බවත් එවිට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා සිරියා දෙසට මුහුණලා කිබ්ලා දෙසට පසුපසලා තම ශාරීරික අවශ්යතා ඉටු කරනු තමන් දුටු බවත් එතුමා දන්වා සිටියහ. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා, තම ශාරීරික අවශ්යතා සපුරා ගන්නා විට බය්තුල් මක්දිස් දෙසට හැරී නොසිටියහ යැයි පැවසූ අයට ප්රතිචාරයක් වශයෙන් ඉබ්නු උමර් තුමා එය දන්වා සිටියේය. ඒ සමගම දෙවන වාර්තාවක් කතෘ ගෙන ආවේය. බය්තුල් මුකද්දසයට මුහුණ ලා හෝ පසුපස ලා සිටිය හැක. යන්නය. මිනිසා ගොඩනැගිල්ලක් ඇතුළත කිබ්ලා දෙසට මුහුණලන්නේ නම් එහි වරදක් නැත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර