عَنْ أَنَسٍ رضي الله عنه قَألَ:
كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا دَخَلَ الخَلاَءَ قَالَ: «اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الخُبُثِ وَالخَبَائِثِ».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 142]
المزيــد ...

අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වැසිකිලියට පිවිසුනු විට, ‘අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මිනල් කුබුසි වල්කබාඉසි’ - අහෝ අල්ලාහ්! පුරුෂ හා ස්ත්‍රී ෂෙයිතානුන්ගෙන් ආරක්ෂාව මම ඔබෙන් පතමි.- යනුවෙන් ප්‍රාර්ථනා කරන්නෙකු වූහ.

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 142]

විවරණය

සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම ශාරීරික අවශ්‍යතා ඉටු කරන ස්ථානයට පිවිසුනු විට, එහි මළ පහ කිරීමට හෝ මූත්‍රා කිරීමට සිතුව ද එතුමාණෝ අල්ලාහ්ගෙන් ආරක්ෂාව පැතූහ. ස්ත්‍රී හා පුරුෂ ෂෙයිතානුන්ගෙන් ආරක්ෂාව ඔහුගෙන් පතා ඔහු වෙත නැඹූරු වූහ. අල්- (හු)කුබුසු නම් පදය නපුර ලෙසත් (හ)කබාඉස් යන පදය අපවිත්‍ර දෑ ලෙසත් විස්තර කෙරී ඇත.

හදීසයේ හරය

  1. වැසිකිලියට පිවිසීමට සිතන අවස්ථාවේ මෙම ප්‍රාර්ථනාව උසුරීම සතුටු දායකය.
  2. සියලුම මිනිසුන් සෑම තත්ත්වයකදීම ඔවුන්ට ඇතිවන හානියෙන් හා නපුරෙන් ආරක්ෂාව පතා ඔවුන්ගේ පරමාධිපති වෙත කණ්ණලව් කරනු ඇත.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (56)
අමතර