عَنْ أَبِي سَعِيدٍ الخُدْرِيِّ رضي الله عنه قَالَ:
كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَشَدَّ حَيَاءً مِنَ العَذْرَاءِ فِي خِدْرِهَا، فَإِذَا رَأَى شَيْئًا يَكْرَهُهُ عَرَفْنَاهُ فِي وَجْهِهِ.
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 6102]
المزيــد ...
අබූ සඊද් අල් කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නිවසේ මුවා වී රැඳී සිටින කන්‍යාවකට වඩා අධික ලෙස ලැජ්ජා සහගත අයකු වූහ. යම් පිළිකුල් සහගත දෙයක් එතුමාණන් දුටු විට එතුමාණන්ගේ මුහුණෙන් එය අපි හඳුනා ගත්තෙමු."
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 6102]
පිරිමි පාර්ශවය ඇසුරු නොකළ, විවාහ නොවී තම නිවසේ රැඳී සිටින කන්‍යා දැරියකට වඩා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දැඩි සේ ලැජ්ජා සහගත අයකු වූ බව අබූ සඊද් අල්-කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් දන්වා ඇත. එතුමාණන්ගේ දැඩි ලැජ්ජා සහගත භාවය හඳුනා ගත් අවස්ථාවක් වනුයේ, එතුමාණන් යමක් පිළිකුල් කළ විට එතුමාණන්ගේ මුහුණ වෙනස් වෙයි. කතා නොකරයි. එවිට ඒ ගැන එතුමාණන්ගේ පිළිකුල් භාවය එතුමාණන්ගේ මුහුණෙන් එතුමාණන්ගේ අනුගාමිකයින් වටහා ගත්හ.