عن أنس بن مالك رضي الله عنه قال:
كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَحْسَنَ النَّاسِ خُلُقًا.

[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 2310]
المزيــد ...

අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
“අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ජනයා අතර වඩාත් සදාචාර සම්පන්න අයකු වූහ.”

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح مسلم - 2310]

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ජනයා අතර සදාචාර සම්පන්න භාවයෙන් වඩාත් පරිපූර්ණවත් අයකු වූහ. දැහැමි කතාව, යහපත් හැසිරීම, සිනහමුසු මුහුණ, හානිය වැළැක්වීම සහ අනෙකාගේ බර ඉසිලීම යනාදී සියලුම සදාචාර හා ගතිගුණවල දී ඉමහත් පූර්වාදර්ශය එතුමාණන් සතු විය.

හදීසයේ හරය

  1. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සදාචාර ගතිපැවතුම් පූර්ණවත් විය.
  2. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දැහැමි ගතිගුණවල පූර්ණවත් ආදර්ශයකි.
  3. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ගතිගුණවල දී එතුමාණන්ව පිළිපදින මෙන් උනන්දු කරවීම.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (63)