عن عبدالله بن عباس رضي الله عنهما قال: «كان رسول الله صلى الله عليه وسلم أَجْوَدَ الناسِ، وكان أَجْوَدَ ما يكونُ في رمضانَ حِينَ يَلْقاهُ جبريلُ، وكان يَلْقاهُ في كلِّ ليلة مِن رمضانَ فَيُدارِسُه القرآن، فَلَرسولُ الله صلى الله عليه وسلم أجْوَدُ بالخير من الريح المُرسَلة».
[صحيح] - [متفق عليه]
المزيــد ...

අබ්දුල්ලහ් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ජනයා අතර වඩාත් පරිත්යාගශීලී අයකු වූහ. රමළාන් මාසයේ ජිබ්රීල් තුමා එතුමාණන්ව හමුවන අවස්ථාවේ වඩාත් පරිත්යාගශීලී අයකු වූහ. එතුමා රමළාන් මාසයේ සෑම රාත්රියකම එතුමාණන්ව මුණ ගැසී එතුමාණන්ට අල් කුර්ආනය උගන්වමින් පසුවූහ. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා හමන සුළඟට වඩා යහපත කිරීමෙහි ඉමහත් පරිත්යාගශීලී අයකු වූහ.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

"c2">“අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ජනයා අතර වඩාත් පරිත්යාගශීලී අයකු වූහ.” එනම් තම ධනයෙන්, තම ශරීරෙයන්, තම දැනුමෙන් තම ප්රචාරක කටයුතුවලින් තම උපදෙසින් හා මැවීම්වලට අවශ්ය සියලු දැයින් එතුමාණෝ අධික ලෙස පරිත්යාගශීලී අයකු වූහ. "c2">“රමළාන් මාසයේ වඩාත් පරිත්යාගශීලී අයකු වූහ.” ඊට හේතුව සැබැවින්ම රමළාන් මාසය පරිත්යාගයේ මාසයයි. අල්ලාහ් එහිදී ගැත්තන් හට පරිත්යාග කරයි. සාර්තක ගැත්තන් ද තම සහෝදරයින්ට පරිත්යාග කරති. "c2">“ජිබ්රීල් තුමා එතුමාණන්ව හමුවන අවස්ථාවේ” එනම් එතුමාණන්ව ජිබ්රීල් තුමා හමු වූ වේලාවේ දී. "c2">“එතුමා රමළාන් මාසයේ සෑම රාත්රියකම එතුමාණන්ව මුණ ගැසී එතුමාණන්ට අල් කුර්ආනය උගන්වමින් පසුවූහ.” එනම් සෑම රාත්රියකම ජිබ්රීල් අලයිහිස් සලාම් තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පහළ වන විට එතුමාණන්ගේ හදවතෙහි තැන්පත් වනු පිණිසත් එතුමා හා එතුමාණන් අතර අල් කුර්ආන් අධ්යයන කටයුතු තුළින් කුසල් ලබනු පිණිසත් අල් කුර්ආනය එතුමාණන් අධ්යයනය කළහ. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ජිබ්රීල් තුමාව හමුවූ විට එතුමාණන් හමන සුළඟට වඩා යහපත කිරීමෙහි ඉමහත් පරිත්යාගශීලී අයකු වූහ.” එනම් යහපත සිදු කිරීම සඳහා එතුමාණෝ යුහුසුළු වූහ. හමන සුළඟට වඩා වේගයෙන් එතුමා පරිත්යාග කරන්නෙකු වූහ. එනම්: එය අල්ලාහ් එවන සුළඟකි. එය ඉතා වේගයෙන් හමන්නකි. එ සමගම දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම් රමළාන් මාසයේ දී හමන සුළඟට වඩා යහපත කිරීමෙහි වඩාත් පරිත්යාගශීලී අයකු වූහ.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය