عن أبي هريرة رضي الله عنه قال:
كان رسولُ الله صلى الله عليه وسلم إذا عَطَس وضَعَ يَدَه -أو ثوبَهُ- على فيهِ، وخَفَضَ -أو غضَّ- بها صوتَهُ.

[صحيح] - [رواه أبو داود والترمذي وأحمد] - [سنن أبي داود: 5029]
المزيــد ...

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:
“අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කිඹුහුම් හැරිය විට, තම අත හෝ තම රෙදි කඩ හෝ මුව මත තබා, එහිදී එතුමාගේ හඬ ද පහත් කර -මැඩපත් කර- ගත් අයකු වූහ.”

[පූර්ව සාධක සහිත හදීසයකි] - [رواه أبو داود والترمذي وأحمد] - [سنن أبي داود - 5029]

විවරණය

සල්ලල්ලාහු අලයිහි වසල්ලම් කිඹුහුම් හැරිය විට:
පළමුව: තම අත හෝ තම රෙදි කඩ හෝ මුව මත තබා ගත්හ. එය තම මුඛයෙන් හෝ නාසයෙන් හෝ බැහැරවන දැයින් ළඟ සිටින පුද්ගලයා පීඩාවට පත් නොවනු පිණිසය.
දෙවැන්න: එහි දී තම හඬ ඳ උස් නො කර පහත් කර ගත්හ.

හදීසයේ හරය

  1. කිවිසුම් හැරීමේ දී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මඟ පෙන්වීම පැහැදිලි කිරීම හා එහි දී එතුමාණන්ව පිළිපැදීම.
  2. තමන්ට සමීපව සිටින පුද්ගලයා පීඩාවට ලක් නොවන පරිදි තම නාසයෙන් හා මුඛයෙන් යමක් බැහැර නොවන සේ ඒ දෙක මත රෙදිකඩක් හෝ ලේන්සුවක් හෝ එවැනි යම් දෙයක් තැබීම සතුටුදායක ය.
  3. කිවිසුම් හැරීමේ දී හඬ පාලනය කළ යුතුය. එය පූර්ණ විනයගරුක කටයුතු අතරිනි.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (52)
අමතර