උප-ප්‍රවර්ග

නබි වදන් ලැයිස්තුව

මුස්ලිම්වරයෙකු මත පැවරෙන මුස්ලිම්වරයකුගේ යුතුකම් පහකි: සලාම් ආචාරයට ප්රතිචාර දැක්වීම, රෝගියාගේ සුවදුක් විමසීම, ජනාසා කටයුතු පිළිපැදීම, ආරාධනාවට පිළිතුරු දීම, කිඹුහුම් ගිය තැනත්තා කළ ප්රශංසාවට ප්රාර්ථනා කිරීම.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කිඹුහුම් හැරිය විට තම අත හෝ තම රෙදි කඩ හෝ මුව මත තබා, එහිදී එතුමාගේ හඬ ද පහත් කර ගත් අයකු වූහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ඔබ අතරින් කිසිවකු හෝ ඈනුම් ඇරිය විට, ඔහු තම අත තම කට මත තබා වළක්වා ගනිත්වා!
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මුස්ලිම්වරයෙකු මත මුස්ලිම්වරයකුට පැවරෙන යුතුකම් හයකි. ඔබ ඔහුව මුණ ගැසුණු විට ඔහුට සලාම් පවසන්න. ඔහු ඔබට සංග්රහයක් සඳහා ඇරයුම් කළ විට, ඔහුට පිළිතුරු දෙන්න. ඔබෙන් උපදෙස් පතන විට, ඔහුට උපදෙස් දෙන්න. ඔහු කිවිසුම් හැර ‘අල්හම්දු ලිල්ලාහ්’ යැයි අල්ලාහ්ට ප්රශංසා කළ විට ඔහුට ‘යර්හමුකල්ලා’ යැයි පවසන්න. ඔහු රෝගාතුර වූ විට ඔහු බැහැ දැක සුවදුක් විමසන්න. ඔහු මිය ගිය විට (අවසන් කටයුතුවලදී) ඔහුව හඹා යන්න.
عربي ඉංග්‍රීසි ප්‍රංශ