عن أبي هريرة رضي الله عنه : أن رسول الله صلى الله عليه وسلم قال:«حقُّ المُسلمِ على المُسلمِ خمسٌّ: ردُّ السلام، وعِيَادَةُ المريض، واتباع الجنائز، وإجابة الدَّعوة، وتَشميتُ العاطِس».
[صحيح] - [متفق عليه]
المزيــد ...

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "මුස්ලිම්වරයෙකු මත පැවරෙන මුස්ලිම්වරයකුගේ යුතුකම් පහකි: සලාම් ආචාරයට ප්රතිචාර දැක්වීම, රෝගියාගේ සුවදුක් විමසීම, ජනාසා කටයුතු පිළිපැදීම, ආරාධනාවට පිළිතුරු දීම, කිඹුහුම් ගිය තැනත්තා කළ ප්රශංසාවට ප්රාර්ථනා කිරීම."
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

මෙම හදීසයේ මුස්ලිම්වරයකු තම සහෝදර මුස්ලිම්වරයකුට කළ යුතු ඇතැම් යුතුකම් පිළිබඳ පැහැදිළි කර ඇත. මුස්ලිම්වරයකු තම සහෝදරයාට කළ යුතු යුතුකම් බොහෝමයක් ඇත. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඇතැම් විට එම බොහෝ කරුණුවලින් නියමිත කරුණු කිහපයක් ගැන පමණක් ඒවා සැලකිල්ලක් දක්වමින් හා ඒ ගැන පැසසුම් ලක් කරමින් මෙනෙහි කර සිටියේය. ඒ අනුව එසේ එතුමා මෙනෙහි කළ කරුණු අතරින් අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව දන්වා සිටි හදීසය ද අතුළත් වේ. “මුස්ලිම්වරයෙකු මත පැවරෙන මුස්ලිම්වරයකුගේ යුතුකම් පහකි. සලාම් ආචාරයට ප්රතිචාර දැක්වීම. එනම් ඔබ වෙත සලාම් පැවසූ විටෙක ඔබ ඔහුට පිළිතුරු දීමයි. වෙනත් හදීසයක ‘මුස්ලිම්වරයෙකු මත පැවරෙන මුස්ලිම්වරයකුගේ යුතුකම් හයකි’ යනුවෙන් පවසා එහි ‘ඔබ ඔහු ව දුටු විට ඔහුට සලාම් පවසන්නැ’යි ප්රකාශ වී ඇත. මෙම යුතුකම් වනාහි, කවරෙකු මුස්ලිම්වරුන්ගේ වගකීම් වලදී ඒවාට සුදුසු වන පරිදි ක්රියා කළේ ද ඔහු එසේ ක්රියා කිරීම ඒවා නොවන දෑට වඩා උතුම්ය. අල්ලාහ්ගෙන් අධික යහපත හා අතිමහත් කුසල් බලා පොරොත්තු වන්නේ නම් ඒවා ඇතුළත් මෙම වගකීම් හා යුතුකම් ඉටු කිරීමෙන් ඔහුට සිදුවනු ඇත. එම යුතුකම්වලින් පළමුවැන්න: ‘ඔබ ඔහු ව දුටු විට ඔහුට සලාම් පැවසීමයි.’ තවත් හදීසයක ‘සලාමයට ප්රතිචාර දැක්වීමයි’ යනුවෙන් සඳහන්ව ඇත. දෙවන යුතුකම: රෝගියාගේ සුවදුක් විමසීමයි. ඔහු රෝගාතුර වූ විට මිනිසුන්ගෙන් ඈත්ව නිවසට වී සිටින විට හෝ රෝහල්ගත්ව සිටින විට හෝ ඒ හැර වෙනත් තත්ත්වයක සිටින විට ඔහුගේ සහෝදරයින් වන මුස්ලිම්වරුන් ඔහුගේ සුවදුක් විමසීම ඔහුට කළ යුතු යුතුකමක් වන්නේය. තුන්වන යුතුකම වනුයේ: මිය ගිය දේහයේ අවසන් කටයුතු කිරීමයි. තම සහෝදරයා මිය ගිය විට ඔහුගේ නිවසේ සිට සලාත් ඉටු කරන ස්ථානය දක්වා එය දේවස්ථානයේ වුව ද වෙනත් ස්ථානයක වුව ද එක සමනය. කබ්ර් ස්ථානය දක්වා එහි කටයුතු පිළිපැදීමයි. හතරවන යුතුකම: ආරධානාවට පිළිතුරු දීම. ඒ අනුව මුස්ලිම්වරයා තම සහෝදරයාට කළ යුතු යුතුකම් වශයෙන් ඔහු සංග්රිහයකට ඇරයුම් කළ විට ඊට පිළිතුරු දිය යුතු වේ. පස්වන යුතුකම: කිඹුහුම් ගිය තැනත්තාගේ ප්රනශංසාවට ප්රාර්ථනා කිරීමයි. එනම් කිඹුහුම යනු අල්ලාහ්ගෙන් වූ ආශිර්වාදයකි. එය මිනිස් ශරීර කොටස්වල හිරවුනු හුස්ම පිට කිරීම සඳහා පිහිටා ඇත. එය පිට කිරීමෙන් ගැලවීමට අල්ලාහ් එය පහසු කළේය. ඒ අනුව කිඹුහුම අරින්නා සැනසුම පතනු ඇත. මෙම ආශිර්වාදය සඳහා ‘අල්හම්දුලිල්ලාහ්’ යැයි අල්ලාහ්ට ප්රවශංසා කිරීම ඔහු වෙත ආගමානුගත කළේය. එමෙන්ම තම සහෝදරයා ඔහු ට ‘යර්හමුකල්ලාහ්’ -ඔබට අල්ලාහ් කරුණා කරත්වා!- යැයි පැවසීම ද ආගමානුගත කළේය. නැවතත් එම පුද්ගලයා ඔහුට ‘යහ්දීකුමුල්ලාහු වයුස්ලිහු බාලකුම්’ -අල්ලාහ් ඔබට මඟ පෙන්වා ඔබේ තත්ත්වය විධිමත් කරත්වා! යැයි පිළිතුරු දීම ඔහුගේ කටයුත්තකි. කවරෙකු අල් හම්දුලිල්ලාහ් යැයි අල්ලාහ්ට ප්රශංසා නොකළේ ද ඔහුට පිළිතුරු දීම නියම නොවන්නේ ය. ඔහු දොස් නැගිය යුත්තේ ඔහුටමය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. මුස්ලිම්වරයකු තවත් මුස්ලිම්වරයකුට කළ යුතු යුතුකම් පිළිබඳ පැහැදිලි කිරීම. ඒ අතරින් අනිවාර්යය යුතුකම් මෙන්ම අනිවාර්යය නොවන යුතුකම් ද ඇත. එය වෙනස් වනුයේ තත්ත්වයන් හා පුද්ගලයන් වෙනස්වීම හේතුවෙනි.
  2. සලාමයට ඇහුන්කන් දුන් අය එක් පුද්ගලයකු නම් සලාමයට පිළිතුරු දීම ‘ෆර්ලු අයින්’ හෙවත් අනිවාර්යය වන අතර ඔවුන් කණ්ඩායමක් නම් ‘ෆර්ලු කිෆායා’ නොහොත් කිහිප දෙනෙකුට පමණක් අනිවාර්යය වන්නේය.
  3. රෝගියාගේ සුවදුක් විමසීම ‘ෆර්ලු කිෆායා’ නොහොත් කිහිප දෙනෙකු මත පමණක් යුතුකම ඉටු කිරීම ප්රමාණවත් වන්නකි.
  4. ජනාසාවෙහි කටයුතු පිළිපැදීම ‘ෆර්ලු කිෆායා’ නොහොත් කිහිප දෙනෙකු මත පමණක් යුතුකම ඉටු කිරීම ප්රසමාණවත් වන්නකි. එනම් එහි අවමංගල්ය. කටයුතු එම ස්ථානයේ සිට හෝ සලාත් ඉටු කරන ස්ථානයේ සිට හෝ එය වළ දමන ස්ථානය දක්වා ඉටු කිරීමයි.
  5. ඉස්ලාමීය නීති පොත්වල සඳහන්ව ඇති කොන්දේසි අනුව මනමාලයාගේ වලීමා සංග්ර හයට පිළිතුරු දීම අනිවාර්යය වන්නකි. සෙසු සංග්රිහයන් වැදගත් සුන්නාවන් අතරට පත් වේ.
  6. කිඹුහුම් ගිය තැනැත්තා ‘අල්හම්දුලිල්ලාහ්’ යැයි අල්ලාහ්ට ප්රශංසා කළ පසුව ඒ සඳහා පිළිතුරු ප්රාර්ථනාව ගැන වනාහි: ඇතැම් විද්වතුන් පවසන පරිදි: සැබැවින්ම එය වෙනත් කිසිවකු විසින් සිදු නොකළ විට අනිවාර්යයෙන්ම සිදු කළ යුතු ‘වාජිබ්’ ක්රියාවක් බවත් කණ්ඩායමක් මත වී නම් එය ‘ෆර්ලු කිෆායා’ නොහොත් කිහිප දෙනෙකු මත පමණක් ඉටු කිරීම ප්රජමාණවත් වන කරුණක් බවත් සඳහන් වී ඇත. තවත් ඇතැමුන් පවසනුයේ: සැබැවින්ම එය ‘මුස්තහබ්’ හෙවත් සතුටුදායක ක්රියාවක් වන බවයි.
  7. මුස්ලිම්වරුන් අතර සහෝදරත්වයේ සහ ආදරයේ බැඳීම් ශක්තිමත් කිරීමේදී ඉස්ලාමයේ ශ්රේෂ්ඨත්වය.
  8. ඉමාම් ජුමුආ දේශනාව කරමින් සිටියදී කිඹුහුම් ගිය තැනැත්තාට පිළිතුරු ප්රාවර්ථනා කිරීම හෝ සලාමයට පිළිතුරු දීම හෝ නුසුදුසුය. ඊට හේතුව ඒ දෙකෙන්ම සිදු වන්නේ කතාවක් වන බැවිනි. දේශනය අතර වාරයේ කතා කිරීම තහනම් කරන ලද්දකි.
අමතර