උප-ප්‍රවර්ග

නබි වදන් ලැයිස්තුව

මුස්ලිම්වරයෙකු මත පැවරෙන මුස්ලිම්වරයකුගේ යුතුකම් පහකි: සලාම් ආචාරයට ප්රතිචාර දැක්වීම, රෝගියාගේ සුවදුක් විමසීම, ජනාසා කටයුතු පිළිපැදීම, ආරාධනාවට පිළිතුරු දීම, කිඹුහුම් ගිය තැනත්තා කළ ප්රශංසාවට ප්රාර්ථනා කිරීම.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මුස්ලිම්වරයකුට තම සහෝදරයාව රාත්රී තුනක් අතහැර දැමීම අනුමත වන්නේ නැත. ඔවුන් දෙදෙනා එකිනෙකා මුණ ගැසෙති. ඔහු හරහට පැමිණෙයි. මොහු ද හරහට පැමිණෙයි. ඔවුන් දෙදෙනාගෙන් ශ්රේෂ්ඨ වනුයේ සලාමය ගෙන ආරම්භ කරන තැනැත්තාය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ඔබ අතරින් කිසිවකු හෝ තම සහෝදරයා හමු වූ විට ඔහුට සලාම් පැවසිය යුතු වේ. ඔවුන් දෙදෙනා අතර ගසක් හෝ බිත්තියක් හෝ ගලක් හෝ ආවරණය වී නැවතත් ඔහු ව හමු වූ විට, එවිට ද ඔහු ඔහුට සලාම් පැවසිය යුතු වේ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
වාහනයේ ගමන් කරන්නා පා ගමනින් යන්නාටත්, පා ගමනින් යන්නා වාඩි වී සිටින්නාටත්, සුළු පිරිස බහුතර පිරිසටත් සලාම් පවසනු ඇත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
යුදෙව්වන් හා කිතුනුවන්ට නුඹලා සලාම් පවසා ආරම්භ නොකරනු. ඔවුන් මාර්ගයේ සිටිනු නුඹලා දුටු විට ඔවුන් එහි අයිනෙන් ගමන් කිරීමට සළස්වනු.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අතිනතට දීමේ සිරිත අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) සහගාමීන් අතර පැවතුණේ දැ?යි විමසුවෙමි. එයට, එසේය යැයි පැවසූහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සැබැවින්ම මිනිසෙකු අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් ‘ඉස්ලාමයේ කවර කරුණක් උතුම් වන්නේදැ?’යි විමසීය. එතුමා: “ආහාර සැපයීම, හඳුනන අයට හා නාඳුනන අයට ඔබ සලාම් පැවසීම වේ.” යැයි පවසා සිටියහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
පුද්ගලයකු තම සහෝදරයා හමුවන අවස්ථාවේ නැවී ආචාර කිරීම පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් විමසන ලදී. එතුමා: ‘ඔහු වෙනුවෙන් නැවිය නොයුතු යැ’යි පැවසීය. පසුව එසේ විමසා සිටි පුද්ගලයා: ඔහු වෙනුවෙන් නොනැවී, ඔහු වැළඳ ගෙන සිප ගත යුතු දැ?යි විමසීය. එතුමා ‘නැත’ යැයි පිළිතුරු දුන්හ. නැවතත් එසේ විමසා සිටි පුද්ගලයා: ‘ඔහුට අතට අතදී ආචාර කළ යුතුද?’ යැයි විමසීය. එතුමා: ‘එසේය’ යැයි පිළිතුරු දුන්හ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මුස්ලිම්වරුන් දෙදෙනෙකු මුණ ගැසී අතිනතදී සුබ පතන්නේ නම් ඔවුන් දෙදෙනා වෙන්ව යන්නට පෙර ඔවුන් දෙදෙනාට සමාව දෙනු ලබනු මිස නැත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ජනයා අතර අල්ලාහ්ට වඩාත් උසස්ම පුද්ගලයා ඔවුන් අතුරින් සලාම් පැවසීමෙන් ආරම්භ කරන්නාය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සැබැවින්ම මිනිසකු නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙතින් අවසර පැතුවේය. එවිට ඔබලා ඔහුට අවසර දෙනු ගෝත්රයේ සහෝදරයා නපුරෙකි. යැයි පැවසූහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අපි නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙනුවෙන් එතුමාගේ කිරි පංගුව වෙන් කර තබන්නන් වූයෙමු. එවිට එතුමා රාත්රියෙහි පැමිණෙයි. පසුව නිදන්නෙකු අවදි නොකරන අයුරින් හා අවදිව සිටින්නන්ගේ කණට වැකෙන අයුරින් සලාම් පවසයි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සැබැවින්ම එතුමා කුඩා දරුවන් අතරින් ගමන් ගත්හ. එවිට ඔවුන් වෙත සලාම් පැවසූහ. සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා ද එසේ සිදු කරන්නෙකු වූහැයි පවසා සිටියහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සැබැවින්ම මම එදින අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාගේ දොරටු පාලයා වූයෙමි. එවිට අබූ බක්ර් -රළියල්ලාහු අන්හු- තුමා පැමිණ දොරටුව තට්ටු කළහ. එවිට මම: මේ කවුද? යැයි විමසුවෙමි. එවිිට එතුමා: අබූ බක්ර් යැයි පවසා සිටියහ. එවිට මම: ඔබ මදක් රැඳී සිටින්න යැයි පවසා පසුව මම ගොස්: අල්ලාහ්ගේ දූතයාණනි, මේ අබූ බක්ර් අවසර පතන්නේය යැයි පැවසුවෙමි. එවිට එතුමා ඔබ ඔහුට අවසර දෙන්න තවද ස්වර්ගය පිළිබඳ වූ ශුභාරංචියද ඔහුට දෙන්න යැයි පවසා සිටියහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අහෝ කුසේ පියතුම! නියත වශයෙන්ම උදෑසන අපි පැමිණෙනුයේ සලාම් පැවසීමටය. එහෙයින් අපි හමුවන උදවියට සලාම් පවසන්නෙමු.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ඔබ අලය්කස් සලාම් යැයි නොපවසනු. හේතුව සැබැවින්ම අලය්කස් සලාම් යැයි පැවසීම මිය ගිය ඇත්තන් සඳහා තිබෙන පැතුමකි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ