1. මුල් පිටුව
  2. සංස්කරණ
  3. මහිමයන් සහ ආචාරධර්ම

නබි වදනක් අහෝ කුසේ පියතුම! නියත වශයෙන්ම උදෑසන අපි පැමිණෙනුයේ සලාම් පැවසීමටය. එහෙයින් අපි හමුවන උදවියට සලාම් පවසන්නෙමු.

عن الطُّفَيْلَ بن أُبَيِّ بْنِ كَعْبٍ: أنه كان يأتي عبد الله بن عمر، فيَغْدُو معه إلى السوق، قال: فإذا غَدَوْنَا إلى السوق، لم يَمُرَّ عبد الله على سَقَّاطٍ ولا صاحب بَيْعَةٍ ، ولا مسكين، ولا أحد إلا سَلَّمَ عليه، قال الطُفيل: فجئت عبد الله بن عمر يوما، فَاسْتَتْبَعَنِي إلى السوق، فقلت له: ما تصنع بالسوق، وأنت لا تَقِف على البيع، ولا تسأل عن السِّلَعِ، ولا تَسُومُ بها، ولا تجلس في مجالس السوق؟ وأقول: اجلس بنا هاهنا نَتَحَدَثُ، فقال: يا أبا بَطْنٍ -وكان الطفيل ذا بَطْنٍ- إنما نَغْدُو من أجل السلام، فنُسَلِّمُ على من لَقيْنَاهُ.

තුෆෙය්ල් ඉබ්නු උබෙය් ඉබ්නු කඅබ් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. ඔහු අබ්දුල්ලාහ් ඉබ්නු උමර් තුමා වෙත පැමිණ එතුමා සමග වෙළඳපොළට පැමිණෙන්නෙකු විය. එවිට ‘අපි වෙළඳපොළට උදෑසන පැමිණෙන්නෙමු. අබ්දුල්ලාහ් ඉබ්නු උමර් තුමා, බිම වැටී ඇති දෑ වෙළඳාම් කරන කිසිවකු හෝ වේවා වටිනා දෑ වෙළඳාම් කරන කිසිවකු හෝ වේවා දුගියකු හෝ වේවා ඔහුට සලාම් පැවසීමෙන් මිස පසු කර නාෙයන්නේමය. තුෆෙය්ල් තුමා මෙසේ පවසා සිටියි: දිනක් මම අබ්දුල්ලා ඉබ්නු උමර් තුමා වෙත පැමිණ මා සමඟ වෙළඳ පොළට යන්නට ඔහු මගෙන් ඉල්ලා සිටියේය. එවිට මම ‘‘ඔබ වෙළඳපොළෝ කුමක් කරන්නෙහි ද? ඔබ වෙළඳාම සඳහා රැඳී සිටින්නේ නැත. කිසිම භාණ්ඩයක් ඉල්ලන්නේ ද නැත. එ ගැන මිල කතා කරන්නේ ද නැත. වෙළඳ සභාවන්හි වාඩි වන්නේ ද නැතැයි මම පවසා සිටියෙමි. තවදුරටත් ඔබ අප සමග මෙහි වාඩි වන්න. අපි කතා කරමු යැයි“ මම පැවසුවෙමි. එවිට ඔහු: “අහෝ කුසේ පියතුම! -තුෆය්ල් තුමා විශාල බඩක් ඇත්තෙකු වූහ. නියත වශයෙන්ම උදෑසන අපි පැමිණියේ සලාම් පැවසීමටය. එහෙයින් අපි හමුවන උදවියට සලාම් පවසමු.“ යැයි හෙතෙම පැවසීය.

පූර්ව සාධක සහිත හදීසයකි ඉමාම් මාලික් එය වාර්තා කර අැත

විවරණය

තුෆෙය්ල් ඉබ්නු කඃබ් තුමා නිතර ඉබ්නු උමර් තුමා වෙත පැමිණ එතුමා සමග වෙළඳපොළෙට යයි. තුෆෙයිල් තුමා මෙසේ පවසයි : අපි වෙළඳපොළට පිවිසුණු විට, බිම වැටී ඇති දෑ, වෙළඳාම් කරන කිසිවකු හෝ වේවා - එනම් බිම වැටී ඇති නොවටිනා දෑ වෙළඳාම් කරන වෙළඳුන්ය - වටිනා දෑ වෙළදාම් කරන කිසිවකු හෝ වේවා -එනම් අධික වටිනාකමින් යුත් භාණ්ඩ විකුණන වෙළඳුන්ය-තවද දුගියකු හෝ වෙනත් කිසිවකු හෝ වේවා එතුමා ඔහු අසළින් ගමන් කරන විට ඔහු වෙත සලාම් පැවසීමෙන් මිස පසුකර නොයයි. එනම් එතුමා හමුවන කුඩා දරුවන්, වැඩිහිටියන්, පොහොසතුන් හා දිළින්ඳුන් යන සියලු දෙනාට සලාම් පවසන්නෙකු වූහ. තුෆය්ල් තුමා මෙසේ පවසයි: “දිනක් ඉබ්නු උමර් තුමා වෙත මම පැමිණියෙමි. එනම් යම් හේතුවක් සඳහා පැමිණියෙමි. එවිට එතුමා මා සමග වෙළඳපොළට යෑමට මගෙන් ඉල්ලා සිටියහ. එවිට මම ඔහු දෙස බලා: වෙළඳපොළෙහි ඔබ කුමක් සිදු කරන්නෙහි ද? ඔබ වෙළඳ කටයුතු සඳහා රැඳී සිටින්නේ ද නැතැයි පැවසුවෙමි. - එනම් ඔබ විකුණන්නේ ද නැත. මිලට යමක් ගන්නේ ද නැත යන්නයි - එමෙන්ම ඔබ භාණ්ඩ ගැන විමසන්නේ ද නැත. ඒවායෙහි මිල ගණන් මිනිසුන් සමග කතා කරන්නේ ද නැත. වෙළඳපොළෙහි අපේක්ෂිත කිසිදු කරුණක් ඔබ සිදු කරන්නේ ද නැත. එසේ නම්, වෙළඳ ගනුදෙනු සම්බන්ධයෙන් වූ කිසිදු හේතු කාරණාවකින් තොරව එහි ඔබ යෑමෙන් ඇති ඵලය කුමක්ද? එවිට ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හු- තුමා ඔහු දෙස බලා අහෝ කුසේ පිය! - තුෆෙයිල් තුමා බඩක් ඇත්තෙකු වූහ - එනම් ඔහුගේ බඩ පපුවට කෙළින් පිහිටා නොතිබිණ. එයට වඩා නෙරා ගිය තත්ත්වයක පිහිටින. නියත වශයෙන්ම අපි උදෑසන පිටත්ව පැමිණියේ සලාම් පැවසීමේ හේතුවෙනි. එහෙයින් අපි හමුවන උදවියට සලාම් පවසමු යැයි පවසා සිටියේය. එනම්: එතුමා වෙළඳපොළට ගියේ ගනු දෙනු කිරීමේ අපේක්ෂාවෙන් හෝ එහි අසුන් ගැනීමේ අපෙක්ෂාවෙන් හෝ නොව, සලාම් පැවසීමෙන් උපයන ලද කුසල් හිමි කර ගැනීමේ අපේක්ෂාවෙනි. මෙය ජනයා අතර සලාම් පතුරුවා හැරීමේ සුන්නාව ක්රියාත්මක කිරීමේ එතුමාණන් තුළ තිබූ කැමැත්තයි. සැබැවින්ම එය ශාන්තමය වස්තුවක් යැයි එතුමා දැන සිටියහ. එසේම මෙම පහසු වදන් කිහිපය කිසිදු පුද්ගලයකුට අපහසුතාවක් ඇති නොකරන්නකි. එහි අධික යහපත ඇත.

අර්ථ කථන නිරීක්ෂණය

14 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
HA Hausa الهوسا